යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රීලනිප ස්ථාවරයට පටහැනිව සකස් කරන්නේනම්, එයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවීමට ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයේ ඇමති කණ්ඩායමක් රහසේම තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන්කර සිටියි.මේ අතර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ජපානයට ගොස් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව සදහන්ය.තව පාර්ලිමේන්තු ලොබියේදී මුණගැසී ඇති ශ්‍රීලනිප ඇමතිවරුන් කණ්ඩායමක් අවුරුදුපහක් මේආණ්ඩුවේ රැදී නොසිටියයුතු බවත්, අවුරුදු පහක් යනතුරු ආණ්ඩුවේ රැදී සිටිය හොත් ඊලග මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේපවිම සිදුවන බවද සාකච්ඡාවට ලක් කර ඇත.මෙහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ මේවසරේ අයවැය වනවිට වෙනසක් විය යුතු බවය.