මේ පිටුපස එක් ආණ්ඩුකාරවරයෙක්, නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 21 දෙනාගෙන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සිටිනවා .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තිරය පසුපස එක් ආණ්ඩුකාරවරයෙක්, නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 21 දෙනාගෙන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විනාශවීම වලක්වා ගැනීම සදහා මෙම තීන්දුව ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.
අද පෙරවරුවේ කොළම ජාතික පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් මෙම අදහස ප්‍රකාශකර සිටියේ ය. මෙහෙදී අදහස් දැක්වූ කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහෙදී අදහස් දක්වන ලදී .
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස එක්වූ විට තමන්ට කථාකළ බවත් ඒ අනුව තමන් ඔහුට සහාය දැක්වූ බවත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ජනපතිවරයා මහින්ද රාජපක්ෂ සමග නැවත එක්වූ බවත් තමන්ට පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුව නියෝජනය කරමින් තරග කළා නම් අදටත් කඩුවෙල මහ නගර සභාවේ සභාපති තමන් යැයිද ප්‍රකාශ කළේය.
තමන්ව පක්ෂයෙන් ඉවත් කළත් කිසිදිනක එක්සත් ජාතික පක්ෂය හා එක්නොවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේනට යළිත් නිවැරදි මාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.