topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි පැරදුනත් කමක් නෑ අධිකරණ නිදහස හා මාධ්‍ය නිදහස තිබිය යුතුයි – ඇමති නවීන්.

Minister_Naveen_Sirikotha

මේ රටේ ස්වාධීන මාධ්‍යයක් තිබිය යුතු බවත් ඒ වගේම ස්වාධින අධිකරණ පද්ධතියකුත් තිබිය යුතු  බවත් මේ ආණ්ඩුව කිසිසේත්ම ඒ නිදහසට ඇඟිලි ගහන්නෙත් නැති බවත්, පැරදුනත් කමක් නෑ අධිකරණ නිදහස හා මාධ්‍ය නිදහස තිබිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ සිටියේ එක්සත් ජාතික පක්ෂ, සිරිකොත මුලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද මට කාරණා දෙක තුනක් ඔබතුමන්ලාට ඒත්තු ගන්වන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දිගටම මේ විපක්ෂයෙන් ගෙනියන ජාතිවාදී ලයින් එක. ඒක මම හිතන්නේ එක පැත්තකට යොමු වෙලා ජාතිවාදය අවුස්සන්න වපුරන්න කරන උත්සාහයක් හැටියට මා දකිනවා. ඒක ඇත්ත වශයෙන්ම රටට අහිත කරයි. අපි දිගටම ප්‍රතික්ෂේප කරන්නේ මේ ලයින් එක තමයි.  රටට හිතැති නායකයෙකු පත් කර ගනිමු. නව ව්‍යවස්ථා උගුල පැරදුවාට විතරක් මදි. නව ව්‍යවස්ථාවක් ගේනවා. උතුරේ කඳවුරු නැති කරනවා. අඩු කරනවා. එල්ටීටීඊ සැමරුම් වලට රජය ඉඩ දෙනවා කියන ලයින් එක. අපි මේ සති දෙක තුනම මේ ලයින් එක දැක්කා. පර්ලිමේන්තුවේදීත් මේක දැක්කා. මේ ප්‍රකාශය කරලා තියෙන්නේ මැදගොඩ අභය තිස්ස හිමි. දිගටම උන් වහන්සේ ඇතුළු කණ්ඩායම රාජපක්ෂ මහත්තයා හා පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක උන් වහන්සේලාගේ අයිතිය. කිසිම කතාවක් නෑ. මේ රටේ ඒ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය එලෙසම තියෙනවා. නමුත් පැහැදිලිවම අපි රජයක් වශයෙන් මේ සියලුම දේවල් ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම අපි අපේ හමුදාපතිතුමා සමඟ සාකච්ඡා කළා මේ සම්බන්ධයෙන් අපි එක කදවුරක්වත් වහලා නෑ. අපි අභියෝග කරනවා මොන කදවුරද වහලා තියෙන්නේ කියලා. එල්ටීටීඊ සැමරුම් සම්බන්ධයෙන් සැමරුම් දෙක තුනක්ම සිද්ධ කරලා තියෙනවා. ඒ ගැන කතා දෙකක් නෑ. ඒ කිසිවකට රජයේ අනුග්‍රහය නෑ.  

එල්ටීටීඊ යට හිතවාදී යම්කිසි පිරිස් ඉතිමත් ක්ෂණිකව රජයේ යම්කිසි අවසරයක් නැතුව ප්‍රභාකරන්ගේ පින්තූරය දාලා ඉතාමත් ක්ෂණිකව යම්කිසි සැමරුම් ටිකක් කරලා තියෙනවා.  අපිට මේ තොරතුරු ලැබුණහම රජයක් විදිහට එයට විරුද්ධව ක්‍රියා කරලා තියෙනවා. මේවාට රජයේ අනුග්‍රහය කිසිසේත්ම නෑ. ඉතිං අපි ජීවත් වෙන්නේ නිදහස් රටක. ප්‍රජාතන්ත්‍රවාදී රටක. මිනිස්සුන්ට ඒ අයිතිය තියෙනවා තමන් කැමති විදිහට ක්‍රියා කරන්න.නමුත් එල්ටීටීඊ සංවිධානය සමරන්න බෑ. ඒක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා.   එම නිසා ඒ සියල්ල කරන්නේ රජයේ අනුග්‍රහයෙන් නෙවෙයි. රජය කිසිම දෙයක් ඒ ගැන දන්නේ නෑ. ඉතාමත් ක්ෂණිකව සංවිධානය වෙලා ඒවා කරනවා. නමුත් අපි ඒවාට විරුද්ධව ක්‍රියා කරනවා. විශේෂයෙන්ම ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා අන්තර්ජාලය හරහා ඩයස්පෝරාවට මේ ගේම් ගහන්නේ . අපි අවධි විය යුතුයි. අපිට සී සී ටී වී දර්ශන ලැබිලා තියෙනවා. ප්‍රාදේශීය නායකයෝ තමයි මේවා ක්ෂණිකව ක්‍රියාවට නන්වන්නේ. මේක උතුරු නැගෙනහිර ප්‍රශ්නයක්ම නෙවෙයි. ඩයස්පෝරාවෙන් ලැබෙන මුදල් ටික එක් රැස් කර ගන්න කරන ගේම් එකක්. ඉතිං ඒකට රජය අවධියෙන් ඉන්නේ. අපි තරයේම ඒ කිසිවකට ඉඩ දෙන්නේ නෑ. ත්‍රිවිධ හමුදාව දැනුවත් කරලා තියෙන්නේ ඒ වගේ ආරංචියක් ආවොත් වහාම ක්‍රියාත්මක වෙන්න කියලා.

ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මේ රජය ගෙනියන වැඩ පිළිවෙල හෑල්ලුවට ලක් කිරීමට උත්සාහයක් දරනවා. විශේෂයෙන්ම ජිනීවා නුවර ඇති වුණු වැඩ පිළිවෙල සම්බන්ධයෙන්. ජී.එල්. පීරිස් මහත්තයා ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරලා තියෙනවා අපිත් මානව හිමිකම් සංයුතියෙන් අයින් වෙන්න අවශ්‍යයි කියලා. ඒත සම්පූර්ණයෙන් පුහු තර්කයක්.  මොකද අපිට රටක් වශයෙන් ජාත්‍යන්තර බැදීම් තියෙනවා. ඇමෙරිකාව ජාත්‍යන්තර හිමිකම් කවුන්සිලයෙන් අයින් වුණාට අපි ඒකෙන් අයින් වෙන්න අවශ්‍ය නෑ. මොකද අපිටත් යම්කිසි අසාධාරණකම් ජීනීවා මානව කවුන්සිලයෙන් වෙලා තියෙනවා. නමුත් අපි හිතනවා කූඩාරමට ඔළුව දාගත්ත ඔටුවෙක් වගේ එතන ඇතුළේ ඉඳගෙන අපේ මතය ජයග්‍රහණය කරන එක වටිනවා කියලා.  ඉතිං විශේෂයෙන්ම ඇමෙරිකාව එතනින් අයින් වෙන එක ඇත්ත වශයෙන්ම අපිට ශක්තියක්. මොකද ඇමෙරිකාව දිගටම එක්සත් රාජධානියත් සමඟ එක්ව අපිට විරුද්ධව කටයුතු කළා. අපි ඒකට මූණ දුන්නා. රාජපක්ෂ මහත්තයාගේ කාලයේ ඒකට සාර්ථකව මූණ දෙන්න බැරි වුණා. නමුත් අපේ රජය කාලයේ ඒකට සාර්ථකව මූණ දුන්නා. මේකයි වෙනස. ඉතිං අපි හිතනවා එළියට එනවාට වඩා මේකේ ඇතුළේ ඉඳලා සටන් කරන එක වටිනවා කියලා. ඇත්තටම ඇමෙරිකාවේ තීරණය ගැනත් ඇමෙරිකාවේ මිත්‍රයිනුත් ඒකට චෝදනා එල්ල කරනවා. ඉතිං අපි හිතනවා එළියට ඇවිල්ලා හුදෙකලා වෙනවාට වඩා ඇතුළේ ඉඳලා සටන් කරලා ජයග්‍රහණය කරන එක වටිනවා.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අලුත් අධිකරණ නීති පද්ධතියක් පටන් ගන්න. මුල්‍ය අපරාධ සම්බන්ධ නඩු ටික අපි ඉක්මණින් අහන්න බලාපොරොත්තු වෙනවා. මේ රජයට තියෙන විශාලම චෝදනාවක් තමයි හොරු ටික අල්ලන්නේ නෑ කියන එක. ඒ චෝදනාව නිසාම යම්කිසි ඡන්ද ප්‍රමාණයකට ආණ්ඩුව ගැන අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා.  අපි ඒක පිළි ගන්නවා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තුළ වැඩ කරන ආණ්ඩුවක්. අපිට නීතියෙන් බැහැරව ක්‍රියා කරන්න බෑ. නීති ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ යම්කිසි අඩුපාඩුකම් තිබෙනවා. මේ නිසාම තමයි මේ හොරු ටික අල්ලන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඒකට පියවරක් අරන් තියෙනවා. ලබන සතියේ ඉදලා අපි මේ නඩු ටික ඉක්මණින්ම අහනවා. මේ නඩු ටික අහනකොට  ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ඒක ඉතාමත් විහිළු සහගත කතාවක්. එතුමාට තියෙන නඩු ටික ඉස්සරලාම අහන්න කියලා. නමුත් එතුමා තමයි එතුමාට තියෙන නඩු සම්බන්ධව තහනම් නියෝග අරගෙන තියෙන්නේ. තහනම් නියෝග ගත්තාට පස්සේ ඒකත් නීතිමය ක්‍රියා මාර්ගයක්. මේ රටේ නීති පද්ධතියට අපි ගරු කරනවා. අපේ ආණ්ඩුව කිසිසේත්ම නීති පද්ධතියට අධිකරණයට ඇගිලි ගහන්න යන්නේ නෑ. ඒක මම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා අපි ඒක අගය කරනවා කියලා. මේ රටේ ස්වාධීන මාධ්‍යයක් තිබිය යුතුයි. ඒ වගේම ස්වාධින අධිකරණ පද්ධතියකුත් තිබිය යුතුයි. මේ ආණ්ඩුව කිසිසේත්ම ඒ නිදහසට ඇඟිලි ගහන්නෙත් නෑ. අපි පැරදුනත් කමක් නෑ අධිකරණ නිදහස හා මාධ්‍ය නිදහස තිබිය යුතුයි. අපි කිසිසේත්ම මාධ්‍යවේදීන් හිංසනයට ලක් කරන්නට සුදු වෑන් සංස්කෘතියක් ඇති කරන්නට අපි ඉඩ දෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂ දෙවන පෙළ ඒකට ඉඩ දෙන්නේ නෑ. ඊට වඩා වැදගත් අපට අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගෙන ගෙදර යන එක. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස  මේ රටේ. ඒකයි අපි කියන්නේ මේ ලයින් එක ගන්න නායකයා රටට හිතැති නායකයෙක්. මේවා දිගටම රැව්පිළි රැව් දෙනවා. ගොට්ලර්ලා හිට්ලර්ලා අපට අවශ්‍ය නෑ.   ගොට්ලර් ආසියාවේ බිහි වුණු ඒකාධිපතියෙක්. ගොට්ලර්ලට ලංකාවේ ඉඩ දෙන්න බෑ අපට. හිට්ලර් මොකද කළේ කියලා තමුන්නාන්සේලා දන්නවා. ඒක අපේ තරුණ පරම්පරාව දන්නේ නෑ. විශේෂයෙන්ම යුදෙව්වන් මිලියන හයක් ගෑස් යොදලා ඝාතනය කළා. ඒ මාතෘකාව තාම තියෙනවා.  

තමුන්නාන්සේලා අහන්න ඇති කුමාර වෙල්ගම මහත්තයා කීව කතාව. ඉතාමත් වැදගත් අදහස් ටිකක් එතුමා නිර්භයව ප්‍රකාශ කළා. එතුමා කීවා අපි ඉන්නේ මහින්දත් එක්ක කියලා. අපිට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් අවශ්‍යයි කියන දැඩි මතය එතුමා ඊයේ ප්‍රකාශ කළා. එතුමාගෙන් මාධ්‍යවේදීන් අහන කොට ගෝඨාභය මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි ද කියලා එතුමා ප්‍රශ්නෙන් මඟ ඇරලා ගියා. ඇත්ත වශයෙන්ම ඒ පාර්ශවයේ ගැටලුවක් තියෙනවා කවුද ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කියලා. ඇත්තටම ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ජනාධිපතිවරණයක් හීනෙකින්වත් ඇවිල්ලත් නෑ. නමුත් මේ අය ගොඩක් ඉක්මන් වුණා. අපිට එහෙම ගැටලුවක් නෑ.

නිසි වෙලාවට නිසි කළට එක්සත් ජාතික පෙරමුණේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් අපිට ඉන්නවා. ඒ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා කියන දැඩි මතයේ අපි ඉන්නවා. මේ කිසි දෙයක් අපිට ගැටලුවක් නෙවෙයි. මොකද අපේ පක්ෂය යම්කිසි ස්ථාවරයක හැදිලා තියෙන දේශපාලන ව්‍යාපාරයක්. අපිට සහෝදර සමාගම් ඒ වගේම එක පවුලකට සීමා වුණු  දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේ පක්ෂයේ නොයෙකුත් නායකයෝ ඉන්නවා ඉදිරි නායකත්වය භාර ගන්න. ඉතිං අපි කියන්නේ තමුන්නාන්සේලාට මේ අලුතින් ඇති කරන්න හදන ජාතිවාදය ඉතාමත් භයානකයි. ඉතාමත් බිහිසුණු ජාතිවාදයක් මේ ඇති කරන්න යන්නේ.  අපි එක්සත් ජාතික පක්ෂය විදිහට මේක තරයේම හෙළා දකිනවා. මේ රටේ සියලු ජන කොටස් වලට එක හා සමාන අයිතිවාසිකම් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ රටේ මහා ජාතිවාදයක් ගොඩ නඟන්න හදන බව. සැලසුම් තිබෙනවා. අපි ඒවාට මුණ දෙන්න ලෑස්තියි. අපගේ ත්‍රිවිධ හමුදාවට හොඳ යුධ හමුදාපතිවරයෙක් ඉන්නවා. ආරක්ෂක ඇමති හැටියට ජනාධිපතිතුමා ඉන්නවා. ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් අවකාශයක් පසුබිමක් මේ රජයට තිබෙන බව පැහැදිලිව ප්‍රකාශ කරන්න අවශ්‍යයි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ රාශියක් එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කරලා තියෙනවා. අපි කිසිසේත්ම ආයිත් එල්ටීටීඊ සංවිධානයට හිසි ඔසවන්න දෙන්නේ නෑ කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා හා මම අපේ පිය දෙපළ ඝාතනය කළේ එල්ටීටීඊ සංවිධානයෙන්. අපි මේ පක්ෂයේ තනතුරු දරමින් පක්ෂයට වෙන මතයකට යන්න ඉඩ දෙන්නේ නෑ. විශේෂයෙන්ම එල්ටීටී විරෝධී ස්ථාවරයක් තමයි  අපේ පක්ෂයෙත් තියෙන්නේ.  එල්ටීටීයට විරුද්ධයි වගේම ජාතික සංහිදියාවටත් අපි ක්‍රියා කරනවා. ආණ්ඩුවක් විදිහට අඩුපාඩුකම් තියෙනවා. ඒකට ජනතාව අපිට උත්තරයක් දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේවා හදා ගෙන ඉදිරියට යන්න.

විශේෂයෙන්ම අපි ගම්පෙරළිය වැඩසටහනයටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට මිලියන 200ක මුදලක් වෙන් කර ගෙන ගම් වල තිබෙන සංවර්ධන ව්‍යාපෘති කිරීමට ලබා දෙනවා. දැනටමත් ඒ දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කර ගෙන යනවා. සමෘද්ධි දීමනාව වැඩි කරන්නටත් සමෘද්ධිලාභීන් වැඩිකිරීමටත් බලාපොරොත්තු වෙනවා. දහස් ගණන් රැකි රක්ෂා විරහිත තරුණ තරුණියන්ට  ඔවුන්ගේ සුදුසුකම් වලට රැකි රක්ෂා ලබා දීමටත් කටයුතු කරනවා. මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අවශ්‍යයි. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේ කට්ටිය අවශ්‍ය නෑ. ඒ ගත්ත තීරණ වැරදියි. අපි ඒ මතවාදය පක්ෂය ඇතුළේ ගෙනිච්චා. අපේ මතවාද නිසා පක්ෂය තුළ උනත් යම්කිසි වැරුද්දක් වෙලා තියෙනවා නම් ඒක හෙළි වුණා. ඒකට දඩුවමුත් කරලා තියෙනවා. ඇලෝසියස් මහත්තයා වගේම අපේ අයත් ඊට සම්බන්ධ නම් අපි ක්‍රියා මාර්ග ගන්න ලෑස්තියි. කිසිවක් හංගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

නමුත් මම කියන්න කැමතියි රාජපක්ෂලාගේ කාලේ මේ වගේ දේවල් වුණා නම් කවදාවත් මේවා එළියට එන්නේ නෑ. අපි ජනාධිපති කොමිසමක් පත් කරලා ඉතාමත් විනිවිද භාවයෙන් ජනතාවට ඇත්ත නැත්ත හෙළි කරන්න අපිට පුළුවන් වුණා. අඩුපාඩුකම් තිබුණාට ඒ වගේ මේ ආණ්ඩුවක් .

අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පටන් ගත්තා විතරයි. අපි ඒක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. නොයෙක් මතවාද තියෙනවා. ප්‍රතිසංවිධානය කියන්නේ තනතුරු ඇති කිරීම පමණක් නෙවෙයි. ආකල්පමය වෙනසක් ඇති කිරීම ඔළුවේ වෙනස්කම් ඇති කිරීම  ඒ වගේම පාක්ෂිකයන්ට දැනෙන විදිහේ වෙනසක් ඇති කිරීම. සිරිකොත ඇතුළේදී මමත් අකිල මැතිතුමාත් නිරන්තරයෙන් අපේ පාක්ෂිකයන් මුණ ගැහෙනවා. ඔවුන්ගේ දුක් ගැනවිලි අපි අහනවා. පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ඉතාමත් ඉක්මණින් දේශපාලන පළි ගැනීම් වලට ලක් වූවන්ට සහන සලසන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළි ගැනීම් වලට ලක් වුණු දාහකට පමණ අපි පිළිතුරු ලබා දුන්නා.  අපි දැඩි මතයක ඉන්නවා දේශපාලන පළි ගැනීම් වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහන සලසනවා කිය මතයේ. අපේ දෙවන පෙළ නායකයෝ ඊට දැඩි ලෙස ක්‍රියා කරනවා. අපි ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්ටමට ගෙනි යන්න නුදුරු අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ඒ ගම් මට්ටමින් ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.

විශේෂයෙන්ම තවත් කරුණක් තමයි ජනාධිපතිතුමා තීරණය කළේ දැනට  මරණ දණ්ඩනය නීති පොතේ තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න අනුමැතිය දෙනවා කියන එකයි. මොකද මේ රටේ තරුණ පරම්පරාව විනාශ කරනවා මේ මත් ද්‍රව්‍ය ප්‍රශ්නය. මේ රජයට ඒකට චෝදනා කරන්න බෑ අවුරුදු 25ක් තුළ දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වෙලා තියෙනවා මත් ද්‍රව්‍ය හුවමාරු කිරීම් වලට. අනිත් රටවල් වලට යන්නේ අපේ රටට ඇවිල්ලා. දැඩි ලෙස අපි මේ සඳහා ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන්ම බන්ධනාගාරයේ ඉද ගෙන මේක කරන එක අපේ මුළු නීති පද්ධතියටම විහිළුවක්. සෙල්ෆෝන් වලින් ඇතුළේ ඉන්න අයට පගාව දීලා මුදල් ගනුදෙනු වෙන ජාවාරමක් මේක.  කෝටි ප්‍රකෝටිපතියෝ පැය විසි හතරෙන් ඇති වෙන ජාවාරමක් මේක. මුදලට වඩා අපේ තරුණ සම්පත් නැති වෙන එකට කටයුතු කළ යුතුයි. අපි බෞද්ධ රටක්. මනවා දයාව එකක් හැදිච්ච රටක්. මිනිස් ජීවිතයක් නැති කරන්න කැමති නෑ.  නමුත්  මත් ද්‍රව්‍ය පිළිබද පැහැදිලි නීති රීති තියෙනවා ජාත්‍යන්තරවත්. සිංගප්පූරුව මේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ රටේ තරුණ සම්පත් බේරා ගැනීමට. එක්කනෙක්ට වඩා බහුතරය වැදගත්. අපි ජනාධිපතිතුමාට මේ තීරණය ගැනීමට  පැසසුමට ලක් කර ඒකමතිකව අවසරය ලබා දුන්නා.

මම විජය කලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රශ්නයේදී තව කල් අවශ්‍යයි කියා සිටිනවා.මොකද මේ පිළිබදව එතුමියගේ ප්‍රකාශය අපි හරියටම දැන ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබදව නීතිමය පසුබිම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළාද? නැද්ද? කියලා සොයා බැලිය යුතුයි. පක්ෂයේ විනය උල්ලංඝනය කළා ද? කියලා පැහැදිලි තීරණයක් ගන්න අවශ්‍යයි. ඒ පිළිබදව පැහැදිලිවම නිර්පාක්ෂික වාර්තාවක් කමිටුව ලබා දෙයි. පෞද්ගලිකව මම ඉන්නේ එතුමියගේ අමාත්‍ය ධූරය පමණක් නෙවෙයි එතුමියගේ මන්ත්‍රී ධූරයත් අහෝසි කළ යුතුයි කියන මතයේ. එහෙම ප්‍රකාශ කරන්න බෑ. නොයෙකුත් හැගීම් තියෙන්න පුළුවන්. අපිටත් තියෙනවා ප්‍රශ්න . අපේ දූ දරුවන්ටත් රක්ෂා දෙන්න බැරි වෙලා තියෙනවා. අපිටත් තාඩන පීඩන තියෙනවා. ඒත් අපි ගිහිල්ලා එවැනි ප්‍රකාශ කරන්නේ නෑ. දේශපාලඥයෙක් වුණහම නායකයෙක් උනහම යම්කිසි විනයක් තියෙන්න ඕනේ. රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න අපි දිවුරුමක් දෙනවා. ඉතිං ඒක කඩ කළොත් පල විපාක විදින්න සිද්ධ වෙනවා. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ඒ නීතිය ක්‍රියාත්මක කළා. මම හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හරි තීරණයක් ගනී කියලා.   

Leave A Reply

Your email address will not be published.