topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධීවර වරායන් විකුණන්න මේ ආණ්ඩුව පිඹුරුපත් හදලා ඉවරයි.

JVP_Hubor

බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ  ප‍්‍රධාන කාර්යාලයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. එම මාධ්‍ය හමුවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්,සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ, ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ.කේ. නිශාන්තඇතුළු පිරිසක් සහභාගී විය.

ධීවර ජනතාවගේ හදවත බඳු ධීවර වරායන් විකුණන්න මේ ආණ්ඩුව පිඹුරුපත් හදලා ඉවරයි…

ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් 

අද මේ ආණ්ඩුවේ වරායවල්, ඛනිජ වැලි නිධි, තෙල් ටැංකි විකිණීමේ කි‍්‍රයාවලිය දිගටම කෙරීගෙන යනවා. දැන් ධීවර වරායන් ටිකත් විකුණන්න ආණ්ඩුව කැබිනට් පත‍්‍රිකා ගේනවා. අපේ රටේ පවුල් ලක්‍ෂ දෙකක් පමණ ධීවර කර්මාන්තය ජීවන වෘත්තිය ලෙස යොදා ගන්නවා. ධීවර කර්මාන්තයෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ලංකාවේ භූමිය වගේ අටගුණයක ප‍්‍රමාණයක් අපිට මුහුදු සම්පත අයිතියි. විශාල සාගර සම්පතක්, මත්ස්‍ය සම්පතක් තිබෙනවා. ඒ මත්ස්‍ය සම්පත භාවිතා කරනවා නම් අපිට වෙන රටවලින් හිඟා කන්න  ඕනෑ නැහැ. නමුත් අවුුරුදු 69ක් අපේ රට පාලනය කළ පාලකයින් ධීවර සම්පතින් රට දියුණු කළේ නැහැ. ඒ විතරක් නොවේ මේ ආණ්ඩුව අද ධීවර කර්මාන්තය කඩා වට්ටන්න කටයුතු කරමින් තිබෙනවා.

අපේ රටේ ධීවර වරායන් 20ක් තිබෙනවා. තවත් වරායන් 10ක් ධීවර වරායන් ලෙස සංවර්ධනය කළ හැකි බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අපේ රටට ධීවර වරායන් 30ක් තිබෙනවා. මෙම වරායන්වල මූලික කටයුත්ත ධීවරයින්ට යටිතල පහසුකම් සැපයීමයි. දේශීය බෝට්ටුවලට ඉන්ධන ලබාදීම මෙන්ම විදේශීය ධීවරයින්ගේ බෝට්ටු සඳහා ජලය, ඉන්ධන ලබාදීම මගින් අපේ රටට විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. ඉන්දික ගුණවර්ධන ඇමතිවරයා ධීවර ඇමතිවරයාව සිටියදී ගැසට් එකක් මගින් ධීවර වරායක් සතුව තිබෙන කාර්යභාරය ගැසට් කොට තිබෙනවා. ඒ අනුව අයිස් පැක්ටරි පවත්වාගෙන යාම, මාළු කල්තබා ගැනීම වැනි කාර්යයන් පවා ධීවර වරායන් මගින් කළ හැකියි. ඒ මගින් සමස්ත ධීවර කර්මාන්තයටම විශාල සහයක් ලැබෙනවා.

නමුත් හිටපූ ධීවර ඇමති රාජිත සේනාරත්න 2014 ඔක්තෝබර් මාසයේදී රටේ ප‍්‍රධාන සම්පතක්වූ මෝදර ධීවර වරාය බි‍්‍රතාන්‍ය සමාගමකට බදු දුන්නා. මෝදර ධීවර වරායට අයිති හෙක්ටයාර 1.42ක ඉඩම් ප‍්‍රමාණයක් (අක්කර තුන හමාරක්) රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මසකට ලක්‍ෂ දාහතක්ව තිබියදී එක්ලක්‍ෂ විසිපන්දාහ ගණනේ අවුරුදු 25කට බදු දෙනවා. ඒ මගින් රජයට සිදුකොට ඇති පාඩුව කෝටි 47කට වැඩියි. එය විශාල අපරාධයක්. මේ සම්බන්ධයෙන් වරාය සංස්ථාවේ සභාපතිවරයා පසුගියදා පැහැදිළි කිරීමක් කළා. ඔහු කියා සිටියේ ලක්‍ෂ 17ක තක්සේරුව වූයේ අක්කර තුන හමාරකට බවත් රුපියල් 125,000 ගණනේ බදු දුන්නේ අක්කර එක හමාරක කොටසක් බවත්. අක්කර තුන හමාරක් ලක්‍ෂ 17ක් වෙද්දී අක්කර එක හමාරක ප‍්‍රමාණයක් 125,000ක් වෙන්නේ කොහොමද? සභාපතිවරයාගේ කටින් බොරුව එළියට ආවා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන කතාව සභාපතිවරයාගේ කතාවෙන්ම පැහැදිලි වෙනවා. මෙතන වංචාවක් සිදුවෙලා තිබෙනවා. මේ සඳහා වගකිව යුත්තේ රාජිත සේනාරත්නයි.

විදේශ ධීවර යාත‍්‍රා මගින් අල්ලන මාළු 25%ක් මෙම මෝදර ධීවර වරාය මගින් සංස්ථාවට දුන්නා. මෝදර ධීවර වරාය සංස්ථාවේ පාලනය යටතේ තිබියදී විදේශිකයන්ගේ මාළු සංස්ථාව මගින් අඩු මිලට අපේ රටේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුලූවන් වුණා. නමුත් රාජිත සේනාරත්න වරාය බදු දීමෙන් පසුව එම කටයුත්ත නතර වුණා. දැන් විදේශ යාත‍්‍රවලින් මාළු ලැබෙන්නෙ නැහැ. සංස්ථාවට පෞද්ගලික වෙළෙන්දන්ගෙන් වැඩි මිලට මාළු ගන්න සිදුවුණා. සංස්ථාව කඩා වැටුණා. දැන් ආණ්ඩුව සංස්ථාවත් විකුුණන්න හදනවා.

පහුගිය ආණ්ඩුවේ ධීවර ඇමති රාජිත සේනාරත්න කරපු වැඬේ වර්තමාන ධීවර ඇමති මහින්ද අමරවීර ඒ විදියටම කරගෙන යනවා. දැන් ධීවර වරායන් සියල්ල විකුණන්න කැබිනට් පති‍්‍රකාවක් ගෙනත් තියෙනවා. 2016 ඔක්. 12දා කැබිනට් පති‍්‍රකාවක් ගෙනාවා. මේ කැබිනට් පත‍්‍රිකාවට ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂත් ආරක්‍ෂක ඇමතිවරයා ලෙස නිරීක්‍ෂණත් එවකට මුදල් ඇමති රවී කරුණානායකගේ නිරීක්‍ෂණත් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා මෙම ධීවර වරායන් විකිණීමේ කැබිනට් පති‍්‍රකාවට විරුද්ධ වෙලා නැහැ. කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ආණ්ඩුව හදන්නේ සියලූම ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් බදු දෙන්නයි. මේ වනවිට ධීවර වරාය නීතිගත සංස්ථාවේ මූලස්ථානය ඇතුළු වරායන් 11ක් තක්සේරු කර අවසන්. මූලස්ථාන කාර්යාලයේ වාහන, ඉඩම, විකුණන්න තක්සේරු කොට තිබෙනවා. මූලස්ථාන කාර්යාලෙයේ තක්සේරු වටිනාකම රු.280,443,000යි. තංගල්ල, කිරින්ද, මිරිස්ස, පුරාණවැල්ල, කුඩාවැල්ල, සුදුවැල්ල, නිල්වැල්ල, වාලච්චේන, කල්පිටිය, කෝඞ්බේ, යන සියලූ වරායන් තක්සේරු කර හමාරයි. මුළු තක්සේරු වටිනාකම 1,692,753,950යි.

මෙම වරායන් පෞද්ගලික අංශයට බදුදීම නිසා රටේ ජාතික ආරක්‍ෂාවට ධීවරයින්ගේ ජන ජීවිතයට, ධීවර කර්මාන්තයට මරු පහරක් එල්ල වෙනවා. මෙම ධීවර වරායන් සියල්ල පෞද්ගලික ආයතනවලින් පාලනය කරන්න පටන් ගතහොත් එය රටේ ආරක්‍ෂාවට ප‍්‍රශ්නයක්. එමෙන්ම මෙම ධීවර වරායන් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතිවෙන්න පුළුවන්. අපේ රටේ ධීවරයින් පෞද්ගලික ආයතනවල නීතිරීතිවලට යටවෙනවා. නාවික හමුදාවේ ආරක්‍ෂාව ලැබෙනවා කියලා ආණ්ඩුව කිව්වට මේ සියල්ලම නාවික හමුදාවට පාලනය කරන්න බැහැ. මේ වනවිටත් ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා මගින් අපේ මුුහුදේ මාළු හොරකම් කරනවා. ඒවා වළක්වන්න නාවික හමුදාවට බැරිවෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ධීවර වරායන් බදු දීමේ අපරාධය වහා නතර කරන්න කියලා. ධීවර ජනතාවගේ හදවත බඳු ඔවුන්ගේ ජීවනාලිය වන ධීවර වරායන් විකුණන්න එපා. බදු දෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ලෙසත් අපි මේ ආණ්ඩුවේ විකිණීමේ කි‍්‍රයාවලිය නතර කිරීම සඳහා ධීවර සංස්ථාවේ සේවකයින් සමඟත් රටේ ධීවර ජනතාව සමඟත් ඒකාබද්ධ කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම්.

රටක ධීවර සංස්ථාවවත් පවත්වාගෙන යන්න බැරිනම් ඒ ආණ්ඩුවට මොකුත්ම බැහැ…

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ සහෝදරයා….

Leave A Reply

Your email address will not be published.