අද සමහර ගමේ ඡන්දයේ අපේක්ෂයකයින් තමා ගමට කිසිත් නොකර නිසා අනිත් අයට මඩ ගසමින් ජාතික දේශපාලනයේ වෛරය වපුරමින් යන පිරිසක් බවට පත් වී ඇති බව ඉමදුව ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන මාධ්‍යවේදී චින්තක හේවාමාන්න පවසයි.
මේක ගමේ මිනිහා ඉල්ලන ඡන්දයක්. ගමට වැඩ කරන කෙනායි මෙතන දී තෝරා ගත යුත්තේ. මෙතන තරඟය තිබිය යුත්තේ තමා ගමට මොනව ද කරේ යන්නයි. එහෙමත් නැත්නම් මොනවද කරන්න ඉන්නේ කියන එකයි. සමහරු පාලන බලයකත් ඉදලා කිසිදු දෙයක් නොකර අද යලිත් ජාතික දේශපාලන කතා ගමේ ඡන්දයට ගේන්න හදනවා. ජාතික දේශපාලනය මොනවා වුනත් ඔබ දිනවල කෙනා ගමේ නැත්නම්, ගමේ මරණෙට , මඟුලට නැත්නම් එයාගෙන් වැඩක් නෑ.
මම මේ වන විට බලයක් තැතිව පවා අපේ පක්ෂය හරහා චන්දිම අමාත්‍යවරයා හරහා සැලකිය යුතු සේවාවක් සිදුකර තියනවා. මාර්ග පද්ධතිය සැකසීය,දරුවන් ගේ අධ්‍යාන කටයුතු, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම , පොත් ලබා දීම. අපි ට තව අපේ ගම වෙනුවෙන් වැඩ ගොඩක් කරන්න තියනවා. ඒ සදහා පවතින රජයේ අපේ ආසනයේ ආමත්‍යවරයාගේ සහය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ හයිය සමඟින් අපි රජයේ සංවර්ධන කටයුතු ඉදිරයේ දී ගමට ගෙන ඒම බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම අපේ කොට්ඨාසය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා මගේ මන්ත්‍රී වැටුප ප්රදානය කිරීමටත් එයින් නොනැවතී කොට්ඨාසයේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සදහා අවශ්‍ය පාසල් වල පහසුකම් ලබා දීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සමඟින් විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එසේම ජීවිතයේ සැදෑ සමය ගත කරන විශ්‍රාමික මව් පියවරුන් සහ විශ්‍රාම වැටපක් නොමැති මව් පියවරුන් එක්කොට සංගමයක් ස්ථාපනය කොට එයින් ඔවුන්ගේ සැදෑ සමය වඩාත් අර්ථවත් ලෙස සහ විනෝදකිමී අයුරින් ගෙවීමටත් ඔවුන්ට ආගමික සිද්ධස්ථාන වැද පුද ගැනීමට අවස්ථාව සැලසීමටත් බලාපොරොත්තු වෙනවා. එසේම ප්‍ර දේශයේ ක්‍රීඩා සමාජ වල තත්ත්වය වැඩි දියුණු කරමින් නිරෝගී ක්‍රීඩා ශීලී තරුණ පරපුරක් සෑදීම වෙනුවේ ක්‍රීඩා භාණ්ඩ හා ක්‍රීඩා පිටි සංවර්ධනය සදහා දකුණු පළාත් ක්‍රීඩා ආමත්‍යංශය හරහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන අතරේ ප්‍රදේශයට බල පෑ ඇති මත් උවදුරෙන් තරුණ පරපුර ගලවා ගැනීම සඳහා පොලිසිය හ එක්ව දැනුවත් කිරීමේ වැඩ සටහන් කිරීම මගේ බලාපොරොත්තුවයි.යනුවෙන් පැවසීය.