topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මීතොටමුල්ලේ ඛේදවාචකයට වගකිව යුතු අයට මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි.

Minister Patali Champika Ranawaka_ News

මීතොටමුල්ලේ ඛේදවාචකයට වගකිව යුතු අයට හරිනම් මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. කොළඹ නගර සභාවත්, එය පාලනය කරන පළාත් සභාවත් එයට වගකිව යුතුයි. අවස්ථා හතරකදි දැනුම් දුන්නා එතනට කුණු දමන්න එපා කියලා. එය දිගටම කරගෙන ගියා එතැන විශාල ජාවාරමක් සිදු වූ නිසා. එතනට කොළඹ නගරයේ කසළ විතරක් නෙමෙයි පිටපළාත්වල කුණුත් ගෙනත් දැම්මා. අද ඇයි කඩුවෙල කුණු දමන්න තැනක් නැත්තේ. ඇයි කොලොන්නාවේ, වත්තල කුණු දමන්න නැත්තේ. රු.8,000 ට‍්‍රැක්ටර් ලෝඩ් එකකට මුදල් අරගෙන රු.2000 ට මීතොටමුල්ල ඇතෑරියා. අක්කර 21 ක වටිනා නාගරික ඉඩමක් විනාශ කළා යයි  අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.  අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරන නිකසළ පුරවර මහල් නිවාසවල ජනනය වන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය පහසුකරලීම සඳහා තිරසාර විසඳුමක් ලබාදීමෙ අරමුණින් කි‍්‍රයාත්මක වන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. මෙම උත්සවය අද(16) දින බත්තරමුල්ල, සුහුරුපායේ 19 වන මහලේ පිහිටි ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වු  අමාත්‍ය පාඨලී චම්පික රණවක

“මතක තබා ගන්න ගෝල්ෆේස් පිට්ටනියේ සයිස් එක අක්කර 18 යි. මීතොටමුල්ල අක්කර 21 යි. කොච්චර විශාල ඉඩමක් ද කියලා බලන්න මේ විනාශ කර තිබෙන්නේ. මිලියන 1500 කට වැඩි ප‍්‍රමාණයක් වටින ඉඩමක් තමයි මේ නගර සභාවෙන් නාස්ති කර දැම්මේ. ඒ නිසා මේ කි‍්‍රයාවලිය නතර  විය යුතුයි. තැන තැන කුණු දදා මේ කොළඹ විතරක් ලස්සනට තියාගෙන, කොළඹ නගරයේ අවලස්සන තෙත්බිම්වල වගුරු බිම්වල යුගය අපි අවසන් කළ යුතුයි. එතනදී මේ පුරවැසියන්ට විශේෂයෙන්ම මේ නාගරික මහල් නිවාසවල අයට දරුණු සමාජ වගකීමක් තිබෙනවා. ඒ සමාජ වගකීම ඔබත් එක්ක ඉටු කරන්නයි අද අපි මේ හමුව කැඳෙව්වේ. අපි හැමෝම ජීවත්වන කාලය තුළ කසළ නිර්මාණය කරනවා. මෙයට දශක දෙකකට, තුනකට කලින් නිර්මාණය කළ කසළවලට වඩා සංකීර්ණ කසළ ප‍්‍රමාණයක් අද අපි නිර්මාණය කරනවා. අද අපේ ආහාර දවටනවල දවටා තමයි අප භාවිත කරන්නේ. වෙනත් භාණ්ඩ හා සේවා ගොඩක් පරිභෝජනය කරනවා. ඇත්තටම අද කොළඹ නගරයේ අද සමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් දවසකට කසළ කිලෝවක් නිර්මාණය කරනවා. හැමෝම රාත්තල් දෙකහාමාරක පමණ  කසළ නිපදනවා නොයෙක් ආකාරයෙන්. මේ කසළ අපි හිතලා බැලූවොත් වසරකට කිලෝ 365 ක්. අද ලංකාවේ සාමාන්‍ය ආයු කාලය ලෙස සලකන්නේ අවුරුදු 80 ක්. අවුරුදු 80 ක් කොළඹ නගරයේ ජීවත්වනවා කියා සිතුවොත් අපේ ජීවිත කාලය ඇතුළ කසළ ටොන් 30 ක් මහපොළවට මුදා හරිනවා.

අපි හැමෝම බොරැල්ල කනත්තේ වැලලෙන්න යනවා. ඒ සඳහා අඩි හයහාමාරක් දිග, අඩි තුනහමාරක් පළල වලක් කපනවා. ඒ වලේ තමයි අවසාන වශයෙන් වැලලෙන්නේ මිය යන මිනිසුන් ලෙස. හැබැයි අප මතක තබා ගත යුතුයි අපේ දේහය බොරැල්ල කනත්තේ වල දමන්න කපන වල වගේ 300 ගුණයක් විශාල වලක් අවශ්‍යයි අපි අවුරුදු 80ක් තිස්සේ බැහැරලන කසළ වලදමන්න. මීනි වලවල් 300ක් අවශ්‍යයි. එය තමයි අප විසින් මහපොලවට මුදා හරින කසළ ගොඩේ පරිමාව. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තිබෙනවා, ඒ වගේ 300 ගුණයක කුණු කන්දක් මේ අවුරුදු 80 ක කාලය තුළ උපතේ සිට මරණය දක්වා අප ගොඩගසනවා. මේ සඳහා විසඳුමක් අපට අවශ්‍යයයි.

1989 ඉඳන් මීතොටමුල්ලට කුණ ගෙනත් දැම්මා. හැබැයි මීතොටමුල්ලට කොළඹ කුණු එන්න ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය කුණු ප‍්‍රශ්නෙ විසඳන්න, සරත් එන් සිල්වා මහත්මයා රටේම ප‍්‍රශ්න විසඳන්න ගියා වගේ කුණු ප‍්‍රශ්නෙත් විසඳන්න ගිහින් මීතොටමුල්ලට කුණු දමන්න කියා නියෝගයක් දුන්නා.  මුලින් මාස 6කට ඊට පස්සේ අවුරුදු 2 ට ඊට පස්සේ දිගටම. මුලින් අක්කර දෙකයි. ඊට පස්සේ 21 යි. මෙම වගුරු බිමේ දැන් කොහොම හරි ටොන් මිලියන 3 ක් කුණ තිබෙනවා.  කුණු කන්ද නාය ගියහම එක්කෙනෙක්වත් ආවේ නැහැ එහි වගකීම භාර ගන්න. අපේ අමාත්‍යාංශය මගින් තමයි එහි වගකීම භාරගෙන එය ස්ථාවර කළේ. මාධ්‍යවලට ලොකු කතා කියන අය ඉන්නවා. මීතොටමුල්ල ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම ඒ කුණු දමපු අය වගකිව යුතුයි. මොකද ඒ කසළ කන්ද විධිමත්ව කළමනාකරණය කළේ නැහැ. මේ රටේ කැලෑ වල් අලියෙක්ගේ බර ටොන් තුනයි. ඔතන වල් අලි ගොඩගැසුවා නම් වල් අලි දශලක්ෂයක් ගොඩගසන්න තිබුණා මීතොටමුල්ලේ කුණු කන්දේ. ඒ කියන්නේ මේ මුළු ලෝක ඉතිහාසේ ඉඳන් හිටපු අලි ගෙනල්ලා ගොඩගැහුවත් මේ කුණු කන්ද ඊට වඩා ලොකුයි. මතක තබා ගන්න ගාලූමුවදොර පිටියට වඩා ලොකුයි. මෙය සහසික අපරාධයක් මේ කර තිබෙන්නේ. මේ සඳහා පරිසරවේදියෝ තැන තැන උද්ඝෝෂණය කරනවා මේ සදහා ඔවුනුත් වගකිව යුතුයි. හැම තැනම දාන්න බැරිනම් කොහොමද මීතොටමුල්ලේ කුණු දාන්න කියන්නේ, කොහොමද දසලක්‍ෂ ගණන් ජීවත් වෙන කැළණි ගං දෙපස කුණු දාන්නේ. මේ  පිළිබඳව පටු විදියට නොසිතා කසළ නිසි ලෙස බැහැර කරන සෑම තැනක් පිළිබඳව නිසි අධ්‍යනයකින් කටයුතු කළ යුතුයි.

පසුගියදා අප අග‍්‍රාමාත්‍යතුමා සමඟ චීනයේ සංචාරයක නිරත වුණා. එහිදි අප සොයා බැලුවා චීනයේ ධනවත්ම කාන්තාව පිළිබඳව, ඇය නමින් ෂැංයෙං. ඇය 1989 බිජීං නගරයේ ටියෙන්මාන් කැරැල්ලට සම්බන්ධවී රජය විසින් මර්දනයට කරනු ලැබු මොහොතේ තම පෙම්වතා සමග ඇමරිකාවට පලා යනවා. ඇය යන්නේ ලොස්ඇන්ජලිස් නගරයට ඇය කෙටි කලකින් ව්‍යාපාරයක නිරත වෙනවා. ලොස්ඇන්ජලිස් නුවර තමයි ලොව ලොකුම කුණු කන්ද තියෙන්නේ. ඔවුන් මෙම කුණු කන්දේ කාඩ් බෝඩ් එකතු කරන්න පටන් ගන්නවා. එම කාඩිබොඩ් චීනයට අපනයන කරනවා. ඇමරිකාවේ විශාලතම අපනයනය මෙයයි. අද ඇය චීනයේ මෙන්ම ලෝකයේම ධනවත් කාන්තාවක් බවට පත් වී තිබෙනවා. ඇයගේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 4.4 ක් වෙනවා. චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට නැව් ගණනාවක ඉලෙක්ට්‍රොනික උපාංග යවනවා. ඊට වඩා විශාල කන්ටේනර් ගණනාවක ඇමරිකාවෙන් චීනයට කසළ එවනවා. එය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ලොකුම අපනයනය. කසළ කියන්නේ බලගතු සම්පතක්. ඇමරිකා එක්සත් ජනපදයට පමණක් නෙමෙයි අපේ ලංකාවටත් මේ වගුරු බිම් විනාශකරන, පස, වායුව, ජලය විනාශ කරන විනාශකාරී දෙයක් නෙමෙයි මෙය බලගතු සම්පතක්. එය විධිමත්ව පරිහරණය කරන්න අපි හැමෝගෙම සමාජ වගකීමක් තිබෙනවා. එය ඉටුකරන්න අපි හැමෝම කටයුතු කරන්න  ඕනේ.” යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.