topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තුවේදී නැත්නම් මහ පාරෙදී කුමන්ත‍්‍රණය පරද්දනවා – ටිල්වින් සිල්වා.

JVP_Tilvin

කුමන්ත‍්‍රණයට දායක වුණු අයගේ ප‍්‍රධාන අරමුණ කෙසේ හෝ බලය අත්පත් කර ගැනීම බවත් පාර්ලිමේන්තුවේදී නැත්නම් මහ පාරෙදී හෝ එම කුමන්ත‍්‍රණය පරද්දන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකළේ අද පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතිමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ටිල්වින් සිල්වා,

පසුගිය 26වැනිදා මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයත්, මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එකතුවෙලා දියත් කළ කුමන්ත‍්‍රණය තාම අවසාන නැහැ. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට රට අස්ථාවර වෙලා ආයතන අකී‍්‍රය වෙලා. ගත්තු තීන්දු-තීරණ අත්හිටුවලා. රට එක තැන නැවතිලා, අරාජිකත්වයට පත්වෙලා. ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ නම කැතවෙලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පාලන කාලයේදී ගත් සමහර කි‍්‍රයාමාර්ග නිසා අපේ රටේ නම කැත වුණා. දේශපාලන කුමන්ත‍්‍රණය නිසාත් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉස්සරහා රට හෑල්ලූවට ලක්වෙලා. රට අස්ථාවර කර, රටේ නම කැත කරමින් යන මේ දේශපාලන සූදුව කුමක් වෙනුවෙන්ද? ඇත්තටම ගත්තොත් දේශපාලන බල ලෝභයෙන් පෙළෙන කිහිප දෙනෙකුගේ උවමනාව වෙනුවෙන් රටක අනාගතය විනාශ කිරීමයි මේ කරන්නේ. මේ කුමන්ත‍්‍රණය දිගින් දිගටම ගමන් කිරීම තුළ රට අතිශය බරපතල තත්වයකට වැටීමේ අනතුර තියෙනවා.

මේ කණ්ඩායම ගත්ත කි‍්‍රයාමාර්ගය නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී බව දැන් තහවුරු වෙන්න පටන්ගෙන තියෙනවා. මේ කි‍්‍රයාමාර්ගය ගත් හැටියේම ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉතා පැහැදිළිව කිව්වේ, මේක දේශපාලන කුමන්ත‍්‍රණයක් කියලා. ඒ මොහොතේ සමහරු එය පිළිගන්න ලැහැස්ති වුණේ නැහැ. නමුත් ගෙවුණු සති දෙක තුළ කුමන්ත‍්‍රණය සාර්ථක කරගන්න බැරිවෙලා, තවත් කුමන්ත‍්‍රණ කරන්න උත්සාහ කරන බව පේනවා. මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ගත්ත තීරණය ව්‍යවස්ථාවට පටහැණි නැති බවත්, කිව්වේ, පාර්ලිමේන්තුවේ බහුතරය ගත හැකි යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන කෙනාට අගමැතිකම ලබාදිය හැකි බවත්, රාජපක්‍ෂ හිතවාදීන් කියනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාව අගමැතිකමට පත් කළේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා යයි හැඟී ගිය නිසා නම් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඉඩ දෙන එකයි. හැබැයි ඒ වෙනුවට මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කළේ පාර්ලිමේන්තුව කල් තියලා මන්තී‍්‍රවරු මිලදී ගනිමින් බහුතරය හෙවීමයි. රෝමයේ වහල් වෙළඳපොළ වගේ මෙහෙ මන්තී‍්‍රවරුන්ගේ වෙළඳපොළෙක් හැදුවා. වල්ල පට්ටා හොයනවා වගේ මන්තී‍්‍රවරු මිලට ගන්න හඹාගෙන යනවා. එහෙම වුණේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට පාර්ලිමේන්තුවෙ බහුතරයක් නොතිබුණු නිසා.

මේ කුමන්ත‍්‍රණයෙන් පස්සේ ඇමති මණ්ඩලය පත් කරන්නේ කොහොමද? ටෙලි නාට්‍ය පෙන්වනවා වගේ දවසකට දෙන්නෙක්, තුන් දෙනෙක් වගේ කොටස් වශයෙන් පත් කරනවා. එහෙම පත්කරන්නේ ඇයි? එහා පැත්තෙන් කට්ටිය ගන්න පෙළඹවීමක් කරන්න වේකන්සි තියාගෙන ඉන්නයි. මේ දෙකෙන්ම පැහැදිලි වෙන්නේ බහුතරයක් තියෙනවා කිව්වාට මෛතී‍්‍රපාල මහත්තයටවත් ඒ ගැන විශ්වාසයක් නැති බවයි. කුමන්ත‍්‍රණය ඉස්සරහට ගෙනියන්න පාර්ලිමේන්තුව කල් තියලා බහුතරය හොයාගන්න බරුව දැන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න උත්සාහ කරනවා. මෛතී‍්‍රපාල මහත්තයලට හිතවත් නීතිඥවරු කණ්ඩායමක් ගෙන්වලා ඔවුන්ගෙන් ඒ ගැන අහලා තියෙනවා. සරත් එන් සිල්වා මහත්තයා හැර අනෙක් අය කියලා තියෙන්නේ එහෙම කරන්න බැහැ කියලා. ඒ වගේම තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා කතා කළාම බොහෝ දෙනා හදිසි ඡුන්දයකට යන්න කැමති වෙලා නැහැ. තමන්ගේ පක්‍ෂයෙන්ම මේ විරෝධය ආවේ නැත්නම් දෙවන වතාවටත් ව්‍යවස්ථාවක් කඩලා නීතිවිරෝධී මැතිවරණයකට යන්න මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා සූදානම් වුණා. මුලින් කුමන්ත‍්‍රණයක් කරලා ඒක අසාර්ථක වුණාම, ඒවගේම වෙනත් කුමන්ත‍්‍රණ කරමින් උත්තර හොයන්න යන ක‍්‍රමයක් දැන් තියෙන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය අපි කලිනුත් කිව්වා වගේ මේ කුමන්ත‍්‍රණය මුළුමනින්ම පරාජයට පත් කරන්න අපි ක‍්‍රියා කරනවා.

කිසිම කෙනෙකුට ආණ්ඩු හදන්න අපි උදව් වෙන්නේ නැහැ. මොන අවලාද ගැහුවත් අපි මහින්ද මහත්තයට හරි රනිල් මහත්තයට හරි ආණ්ඩු හදන්න උදව් නොවන ස්ථාවරයේ අපි දිගටම ඉන්නවා. මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කරපු නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණයට විරුද්ධව ඉන්නේ අපි විතරක් නොවෙයි. මේක වැරදියි කියලා දකින බොහෝ දෙනා තමන්ගේ හෘදය සාක්‍ෂියට අනුව ප‍්‍රසිද්ධියේ කියන්න පටන්ගෙන තිබෙනවා. අධිනීතිඥ ගෝමින් දයාසිරි මහත්තයා මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කණ්ඩායමට ඉතාම හිතවත්ව ඉන්න රනිල් විරෝධී නීතිඥ මහත්මයෙක්. පහුගිය දවසක විද්‍යුත් මාධ්‍යයකදී ඉතා පැහැදිළිවම කිව්වේ, මෛතී‍්‍රපාල මහත්තයා ගත්ත මේ කි‍්‍රයාමාර්ගය ව්‍යවස්ථාවට විරුද්ධ බවයි. ව්‍යවස්ථාව පිළිබඳ කාරණයේදී ජනතාවට බොරු නොකියන සත්‍යය පැවසිය යුතු බව එතුමා වැඩිදුරටත් කියා තිබුණා. ඒ වගේම කුමාර වෙල්ගම මහත්තයා මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කණ්ඩායමේ ඉන්න වඩාත්ම පක්‍ෂපාතී කෙනෙක්. වෙන කවුරුවත් එපා මහින්ද රාජපක්‍ෂ මහත්තයා විතරයි ඕනෑ කියලා කිව්වේ වෙල්ගම මහත්තයා. එහෙම කෙනා අද කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට තමන්ගේ ඡන්දය දෙන නමුත් මේ කරපු වැඩේ කැතයි කියලා. මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳන් ඉන්න බැහැ කියලා ඔහු කියනවා. ඔහු තම හෘදය සාක්‍ෂියට අනුව කතා කරලා තියෙන බව පැහැදිළියි. කුමාර වෙල්ගම මහත්තයා අනෙක් පැත්තට කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිකම් අරන් ඉන්න කට්ටිය රෙදි නැතිව ඉන්න බවයි. ඒ නිසා ඉතා පැහැදිළිව ගෝමින් දයාසිරි සහ කුමාර වෙල්ගම මහත්තයලා වගේ හෘදය සාක්‍ෂියට අනුව කතා කරන්න බැරිව ඉන්න තව ගොඩක් අය ඒ පැත්තේ ඇති. කියන්න අවස්ථාව තිබුණත් බයේ ඉන්න අයත් ඇති. ඒ නිසා පක්‍ෂ භේදයෙන් තොරව අපේ සමාජයේ හෘදය සාක්‍ෂියක් තියෙන, යුක්තිය, සාධාරණය, හොඳ-නරක හඳුනන කවුරුත් මේ කුමන්ත‍්‍රණයට විරුද්ධයි කියන එක පැහැදිළියි. ජනතා විමුක්ති පෙරමුණ මුල ඉඳලම දරපු ස්ථාවරය නිවැරදි බව දැන් කවුරුත් පිළි අරන් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී මේ කුමන්ත‍්‍රණය ඕනෑම තත්වයක් තුළ පරාජයට පත්කළ යුතුව තිබෙනවා.

අපේ ස්ථාවරය ප‍්‍රකාශයට පත්කිරීම නිසා මහින්ද රාජපක්‍ෂ මහත්තයත් මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයත් සැලසුම් කළ විදිහට ඔවුන්ගේ පැත්තට පිරිස් දිනා ගන්න එකට බාධා වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී කුමන්ත‍්‍රණය දිනවන්න බැරි බව තේරුම් අරන් තියෙනවා. ඒ නිසා ඒ ගොල්ලෝ කළබල වෙලා වියරු වැටිලා අපේ පක්‍ෂයට පරණ සුපුරුදු අවලාද ගහන්න පටන්ගෙන තිබෙනවා. රනිල් අගමැති කරනවාද, මහින්ද අගමැති කරනවාද කියන එක අපිට අදාල නැහැ. අපිට කවුරුත් එකයි. අපි උත්සාහ කරන්නේ කරපු වැරැද්ද නිවැරදි කරන්නයි. ඒ වැරැද්දේ ඉතිහාසයට එකතු වෙන්න දෙන්න හොඳ නැහැ. මේ වගේ බරපතළ වැරැද්දක් ඉස්සරහ ජනතා විමුක්ති පෙරමුණට නිහඬව ඉන්න අයිතියකුත් නැහැ. මේ වැරදි කි‍්‍රයාමාර්ගයට විරුද්ධ වීම රනිල්ට පක්‍ෂපාතී වීමක් ලෙස අර්ථ දක්වනවා නම් අපි එහෙම කියන අයගෙන් අහන්නේ ගෝමින් දයාසිරි මහත්තයත් එහෙමද? කුමාර වෙල්ගම මහත්තයත් එහෙමද? අපි කියන්නේ එහෙම නෙවෙයි කියලා. ඔවුන් ඇත්ත කතා කරනවා. ඔවුන්ගේ දේශපාලනය කුමක් වුවත් අපි ඒක අගය කරනවා.

කුමන්ත‍්‍රණයට දායක වුණු අයගේ ප‍්‍රධාන අරමුණ කෙසේ හෝ බලය අත්පත් කර ගැනීමයි. හොඳින් හරි, නරකින් හරි බලය අත්පත්කර ගැනීම වගේම අත්පත් කරගත්තු බලය හොඳින් හෝ නරකින් හෝ පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඔවුන් බලය ගත්තේ ඇයි කියන එක එකිනෙකාගේ ප‍්‍රකාශවලින් එළියට පනින්න පටන් ගෙන තිබෙනවා. සුසිල් ප්‍රෙම්ජයන්ත මහත්තයා අධිකරණ ඇමතිකමේ වැඩ බාරගත්ත වෙලාවේ කිව්වේ විශේෂ මහාධිකරණ අහෝසි කරන බවයි. විශේෂ මහාධිකරණ පිහිටෙව්වේ වංචා-දූෂණ නඩු ඉක්මනින්ම අහන්නයි. ගෝඨාභය මහත්තයාගේ නඩුව වගේ කිහිපයක්ම මේ අධිකරණවලට එන්න නියමිතව තිබුණා. ඇමතිකම ගත්ත ගමන්ම සුසිල් පේ‍්‍රම්ජයන්ත මහත්තයා කියන්නේ බැඳුම්කර හොරකම මේ අධිකරණවලට ගේනවා කියලා නෙවෙයි. බැඳුම්කර හොරු පැත්තක තියලා තමන්ගේ හොරුන් ටික ආරක්‍ෂා කරගන්න මේ හදන්නේ. තමන්ගේ හොරකම් වහගන්න අස්සේ රනිල් මහත්තයාගේ හොරකම් ටිකත් වහලා දාවි. හොරු-හොරු ආයේ එකට වැඩ පටන් ගනීවි. ඒ නිසා මේ ගොල්ලන්ගේ අරමුණ අපිට හරිම පැහැදිළියි. හොරුටික ආරක්‍ෂා කරගන්න එකයි, බලය ගන්න එකයි බලය අතේ තියාගෙන මොකක් හෝ ඡන්දවලින් බලය තහවුරු කරගන්න එකයි එකම අරමුණ කරගෙන තියෙනවා.

සමහරු කියනවා, පාර්ලිමේන්තු මැතිවරණයක් නොතියා මේ ප‍්‍රශ්නයට උත්තර නැහැ කියලා. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න ක‍්‍රමයක් තියෙනවා. එහෙම නැතිව කුමන්ත‍්‍රණයක් මගින් නීතිවිරෝධීව බලය අතට අරගෙන ඇමති මණ්ඩලයක් පත් කරලා නීති විරොධී බලය අතේ තියාගෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඡුන්දයකට යන එක නීති විරෝධි අතිශය අනතුරුදායක වැඩක්. 26වැනිදා කුමන්ත‍්‍රණයේ ඊළඟ අදියරයන් ලෙස බලය තහවුරු කර ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි කියන්නේ ඡුන්දයකට යන්න ඕන නම් ඊට ඉස්සර මේ කුමන්ත‍්‍රණය පරද්දන්න කියලයි. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ 2/3 අනුමැතිය අරගෙන ඡන්දයකට යන්න. එවැනි කුමන්ත‍්‍රණවලට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. මෛතී‍්‍රපාල මහත්තයටත් මහින්ද රාජපක්‍ෂ මහත්තයටත් තිබෙන බලය පිළිබඳ තණ්හාවේ කුමන්ත‍්‍රණය ජයග‍්‍රහණය කරන්න බැරි බව දැන් පැහැදිළියි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍ය විධායක සභාව බත්තරමුල්ලේ අපේ ගම පරිශ‍්‍රයේදී කැඳවලා තිබුණා. ඒ පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහත්තයා එතැනට ආවේ නැහැ. ගැටළුවක් තියෙන බව අපිට පැහැදිළියි. ඒ අවස්ථාවේදී කතා කරලා තිබුණේ මෛතී‍්‍රපාල මහත්තයාගේ බලය වැඩිකර ගන්න එක ගැන. හොඳ හොඳ සෙල්ලම් එළියට එන්න පටන්ගෙන තියෙන්නේ දැන්.

මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කියන්නේ තාම තුරුම්පු ගැහුවේ නැහැ කියලයි. නමුත් එතුමා සෙල්ලම් කරන්නේ වල් කොළවලින්. රටේ ජනතාව වෙනුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මේ කුමන්ත‍්‍රණය පරද්දන්න ඕනෑ. මොන අවලාද ගැහුවත්, පාර්ලිමේන්තුව ඇතුළේ අපට ලැබෙන අවස්ථාවට අනුව මේක පරාජය කරන්න කි‍්‍රයා කරනවා වගේම ලොකුම සටන තියෙන පාර්ලිමේන්තුවේ එළියෙදිත් මේක පරාජය කරන්න අපි අරගල කරනවා. මෛතී‍්‍රපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහ නඩ තුනටම රටේ ආර්ථිකය හදන්න නෙවෙයි අඩුම තරමේ තිබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්නවත් බැහැ. තමන්ගේ ව්‍යවස්ථාව රැුක ගන්නවත් එයාලට බැරිවෙලා. අර්බුදය ඒ තරම්ම බරපතළයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සදාචාරය රකින්න බැරි වෙලා. එනිසා මේ කුමන්ත‍්‍රණය පරාජය කිරීමේ වැඩිම සදාචාරාත්මක අයිතිය තියෙන ජවිපෙට. කුමන්ත‍්‍රණය පරාජය කිරීමේ පෙරමුණේම කාර්යභාරය කරනවා.

විනාශ කරලා තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගන්න අපි අරගල කරනකොට එකිනෙකා ලව්වා කියමින් යනවා ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩක් නැහැ, තුන් වේල කාල හිටියොත් ඇති” කියලා. තුන්වේල කාලා ඉන්නේ කොහොමද රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත්නම්? තුන්වේල කන්න පුළුවන් අය පහුගිය කාලේ කාලා හිටියාද? සමහර මාධ්‍යවේදීන්ට තුන්වේල කාලා ඉන්න හොඳ වැටුපක් තිබුණත් ඉන්න බැරිවුණා. මගදි මැරුවා, පැහැරගෙන ගිහින් පහර දුන්නා. රටෙන් පැනපු අය තාමත් ආපහු ඇවිල්ලා නැහැ. තාජුඞීන් මහත්තයට හොඳට තුන්වේල කන්න තිබුණා. හැබැයි ඉන්න බැරිවුණා. මැරුවා. තුන්වේලට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම බරපතළයි. තුන්වේල නෙවෙයි, එක වේලක් හරි කාලා ඉන්න රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තියෙන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිව ඒකාධිපතිත්වයක් රජ කරනවා නම් කාලා බීලා ඉන්න බැහැ. ඒ වගේ පටු තැන්වලට යන එක අන්තිම අමන කි‍්‍රයාවක්. වේල හදාගන්නත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන රටක් ඕනෑ.

තමන් ඡන්දය දෙන ආපු කෙනා ගැන විශ්වාසයක් තියෙන්න ඕනෑ. දැන් ඡන්දය දීලා මන්තී‍්‍ර කෙනෙක් පත් කරලා ගෙදර එනකොට කෝටි ගණන්වලට විකිණිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසිවීම සදාචාරය බිඳවැටීම වගේ දේවල් වහාම විසඳන්න ඕනෑ. ඒ වෙනුවෙන් විකිණෙන්නේ නැති මන්තී‍්‍රවරු හදන්න ඕනෑ. ඒක කරන්න පුලූවන් ජනතා විමුක්ති පෙරමුණට විතරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන, සමාජ සාධාරණත්වය තියෙන, ජාතික සමගිය තියෙන රටක් හදනවා නම් එක් කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට විතරයි.

පාර්ලිමේන්තුව තුළ වගේම එයින් පිටත් කුමන්ත‍්‍රණය පැරදවීමේ සටන් භූමියක් තියෙනවා. ඒ වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එකතු කළ හැකි සියලූ බලවේග එකතු කරනවා. හැබැයි මහින්ද මහත්තයි, රනිල් මහත්තයයි, මෛතී‍්‍රපාල මහත්තයි වටේ ඉන්න කල්ලි සහ ඔවුන් හැර සියලූ බලවේග එකතු කරන බවත් කියන්න ඕනෑ. ඒ වෙනුවෙන් සාකච්ඡා, සංවාද පටන්ගෙන තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂය ඇතුළෙත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළෙත් ඉන්න හෘද සාක්‍ෂියක් තියෙන වැරැද්ද, වැරැද්ද හැටියට දකින්න පුළුවන් හැම දෙනාමත් අපි එකතු කර ගන්නවා. බලයට කෑදර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මේ තුන් කට්ටුවට එරෙහිව අපි දැවැන්තම බලයක් ගොඩනගනවා. පහුගිය පළවැනිදා නුගේගොඩදී පුළුල්තම වේදිකාවක් සහිතව රැුලියක් පැවැත්වුවා වගේ දැවැන්ත බලවේගයක් ගොඩනගනවා. මේ වැඬේ අපි බිම් මට්ටම දක්වාම අරගන යනවා. ජාතික විද්වත් සංවිධානයත් ඒ වෙනුවෙන් පෙළ ගැසී ඉන්නවා. කුමන්ත‍්‍රණකාරී දේශපාලනයත් ඒ වටා සිටින කණ්ඩායමත් පරාජය කරන්න හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටනක් වෙනුවෙන් දැවැන්තම බලවේගය පෙළගස්වනවා. ඒ කුමන්ත‍්‍රණය පරාජයට පත්කර බවට සහතිකය අපි ජනතාවට දෙනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් ජවිපෙ ටිල්වින් සිල්වා,

මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තිම තුරුම්පුවත් ගහන්නයි උත්සාහ කළේ. නමුත් ඒකත් කරගන්න බැරිවෙලයි ඉන්නේ. 2015 ජනවාරි 09වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති කරනකොටත් දී.මු. ජයරත්න මහත්තයා අගමැති හැටියට හිටියා. ඒ වෙලාවේ ඔය කවුරුවත් ඊට විරුද්ධ වුණේ නැත්තේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එකතු වෙලා අවබෝධයෙන් අගමැතිකම දුන් නිසයි. ඒ වෙලාවේ රාජපක්‍ෂ මහත්තයාගේ කට්ටිය බහුතරය තියෙන්නේ කාටද කියලා ඇහුවේ නැහැ. ඒ වෙලාවේ මැද මුලන බූදලය ඉල්ලූවත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයලාට ඒක දෙන තත්වයක හිටියේ.

Leave A Reply

Your email address will not be published.