මෙවර අ.පො.ස (උ/පෙළ) විභාගයට අදාලව උපකාරක පංති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බවත්, මධ්‍යම රාත්‍රී 12 න් පසු විභාගය පැවත්වෙන මුළු දින වකවානුව තුලම උපකාරක පංති සංවිධානය, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය, බෙදා හැරීම මෙන්ම විභාග ප්‍රශ්ණ පත්‍ර ලබාදෙන බවට පෝස්ටර්, අත්පත්‍රිකා, බැනර්, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම තහනම් බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උසස් පෙළ විභාගය අවසන් වන සැප්තැම්බර් 02 වනදා දක්වා මාසයක කාලයක් එම තහනම ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.