වසර 19 ක් කෑගල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය සභාවක් නියෝජනය කළ, දෙවරක්ම සභාපති ධූරයට පත්වෙමින් වසර අටක්ම එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සහ දෙවරක් උප සභාපති ධූරය දැරූ ඒකාබද්ධ විපක්ෂයේ කෑගල්ල දිස්ත්රික්කයේ ප්රබල සාමාජිකයෙකු වූ ඩී.එම්.උපාලි දිසානායක අද (දෙසැම්බර් 11) එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් අග්රාමාත්යවරයාගේ අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
සාමාජිකත්වය ලබා ගනිමින් දිසානායක ප්රකාශ කර ඇත්තේ, පවුල් පාලනයට නතුව තමන් පසුගිය කාලයේ දැඩි පීඩනයක් විදි බවත්,ප්රජාතන්ත්රවාදීව පොඩි මිනිසාට පහළම තැන සිට ඉහළට පැමිණිය හැකි පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය තෝරා ගත් බවත් ය.