Home > පුවත් > දේශප්‍රේමය ගැන කතාකරන උදය ගම්මන්පිල, තම බිරිඳ හා දරුවන් දෙදෙනාටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරන් දීලා – නාමල් රාජපක්ෂගෙන් හෙළිදරව්වක් !

දේශප්‍රේමය ගැන කතාකරන උදය ගම්මන්පිල, තම බිරිඳ හා දරුවන් දෙදෙනාටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරන් දීලා – නාමල් රාජපක්ෂගෙන් හෙළිදරව්වක් !

Udaya_Gammanpila

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheelers Hill Vic 3150 හි පදිංචි වෛද්‍ය සමන් අලූත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව ‘සමන් සහ අබය පුද්ගලික සමාගම’ නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර (ලියාපදිංචි අංකය 13/2/14ABN 168039147), එම සමාගම නමින් විශාල දේපල ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එම දේපලවල වත්මන් වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් 781,538,385.97ක් පමණ වන බවත් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ  විසින් පසුගියදා (සැප්තැම්බර් 29) පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කරමින් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබාදීමට කටයුතු කළේය.

මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ එය අසත්‍ය පැමිණිල්ලක්  බවත්, මේ සම්බන්ධයෙන් නීතීඥ නාමල් රජපක්ෂගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවයි. එමෙන්ම මේ සම්බන්ධව අනාවරණය කළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට විරුද්ධව නඩු පවරා වන්දි ලබාගැනීමට කටයුතු කරන බවද ගම්මන්පිල මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නීතීඥ නාමල් රාජපක්ෂ විසින් අද(12) ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

 

එහිදී නාමල් රාජපක් සඳහන් කර සිටියේ, ගම්මන්පිල සහ ඔහුගේ හිතවත් වෛද්‍යවරු දෙදෙනෙක් විසින් ඕස්ට්‍රේලියාවේ දේපල මිලදී ගැනීමට අති විශාල මුදලක් වැය කර ඇති අතර, කෙටි කාලයක් තුළ එම මුදල් ඉපයූ ආකාරය පිළිබද සාධාරණ සැකයක් මතුව තිබෙන බවයි. එමෙන්ම එම දේපල මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියාවේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලිඛිත තොරතුරුද තමා සතුව පවතින බවත් ඒවා අදාළ පැමිණිල්ල සිදුකිරීමේදී ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම අධිකරණයට අවශ්‍ය කර සිටින උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ නතරවී සිටිනුයේද මෙම දේපල මිලදීගැනීමට සම්බන්ධ එක් වෛද්‍යවරයෙකුගේ නිවසේ බවද නාමල් රාජපක්ෂ මහතා හෙළිදරව් කර සිටියේය. තවද, නීතීඥ නාමල් රාජපක්ෂ පෙන්වා දෙන පරිදි උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිල සහ දරුවන් දෙදෙනාද මේ වනවිට ඕස්ට්‍රේලියානු පුරවැසියන්ය.

තමන්ගේ වංචා දූෂණ එකිනෙක හෙළිදරව්වීමත් සමඟ වියරු වැටී සිටින උදය ගම්මන්පිල සිදු කරන ප්‍රකාශ තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බව  සඳහන් කරන නාමල් රාජපක්ෂ , මීට පෙරද තමා විසින් ගම්මන්පිලගේ වංචා දූෂණ හෙළිදරව්කිරීමකදී තමන්ට විරුද්ධව නඩු පවරන බවට ප්‍රකාශ කළද අද වනතෙක් කිසිදු නඩුවක් පවරා නොමැති බවද සඳහන් කර සිටියේය.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක්ට අයත් මුදල් හා දේපල කූට ලේඛණ සකස් කර විකුණා කෝටි ගණනක මුදල් වංචා කිරීම පිළිබද උදය ගම්මන්පිලට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර එමගින් ගම්මන්පිලගේ වංචා දූෂණ හෙළිදරව් වෙමින් පවතින බවද නාමල් රාජපක්ෂ පවසයි.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඞ්ඩික් මහතාට අයත්ව තිබූ

  • මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඞ් ආයතනය,
  • සිලෝන් ටී ගාර්ඞ්න්ස් ආයතනය,
  • ට්‍රිපල් එස් ආයතනය, සහ තවත් ආයතන ගණනාවක්

වංචනික අයුරින් විකුණා මුදල් උපයාගෙන තිබෙන බව අනාවරණය වී තිබෙන බවද නාමල් රාජපක් වැඩිදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම උදය ගම්මන්පිල තම ව්‍යාපාරික සගයා වන සිඞ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයා සමඟ එක්ව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අසමත් කර තිබූAnrorchi බුරුතකන්ද හා Irish බුරුතකන්ද යන මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතීන් දෙක පවිත‍්‍රා වන්නිආරච් විදුලි බල ඇමතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් පසුව 2014-03-18 වන දින වංචනික ලෙස අනුමත කරවා ගෙන, 2014-09-24 දින එංගලන්තයේ ලිවේරා හෝල්ඩින්ග්ස් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 07 කට විකුණා මුද්ල උපයාගෙන තිබෙන බව අනාවරණය වී ඇති බවද නාමල් රාජප හෙළිදරව් කරයි.

ගම්මන්පිලගේ මෙවැනි වංචා දූෂණ හෙළිදරව්වීමත් සමඟ ජනතාවට උක්ත දේපල මිලදී ගත් ආකාරය සහ ඒ සදහා යොදාගනු ලැබූ මුදල් පිළිබද සාධාරණ සැකයක් ඇතිව ඇති හෙයින්, ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත්, අප රටින් වංචනිකව උපයාගෙන විදෙස් රටවලට යවනු ලැබූ අදාල මුදල් නැවත අයකරගෙන අප රටට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් තමා විසින් පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළ බවද රාජපක්ෂ සඳහන් කර සිටියේය.

එමෙන්ම පසුගිය සමයේ විවිධ හේතු දක්වමින් උදය ගම්මන්පිල වරින් වර ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව වාර්තා වන අතර, ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය පරික්ෂා කළහොත් ඒ බව තහවුරු වනු ඇති බවත්, එමෙන්ම අදාල වෛද්‍යවරු දෙදෙනාගේ බැංකු ගිණුම් හා ආයතනවල බැංකු ගිණුම්වල ඉතිහාසය පරික්ෂා කිරීමෙන් මුදල් පැමිණ ඇත්තේ කිනම් මූලාශ‍්‍රයකින්ද යන්න පිළිබදව තහවුරු කරගත හැකිවනු ඇති බවද නාමල් රාජපක් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

About LNC

Check Also

Nimal_Siripala_de_Silva

සේවයට නාවොත් රැකියාව නැතිකරනවා- ප්‍ර‍වාහන ඇමැති

    දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *