topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි දේශපාලන වාසි ගන්න ඇති කල බංකොලොත් පක්ෂයක් නෙමෙයි.

Ministre_thalatha_athukorala-300x236

 අවුරුදු 70 කට පෙර පටන් ගත් එක්සත් ජාතික පක්ෂය මේ රටේ නිදහස ඇති කිරීම යටත් විජිතයක්ව තිබුණු රට ඉන් මුදවා ගන්න අවශ්‍ය කටයුතු හැම දෙයක්ම කල බවත් ජාතියේ පියා හැටියට හඳුන්වපු පක්ෂයේ නිර්මාතෘ මාහාමාන්‍ය ඞී.එස් සේනානායක සියලූම දේට කැපවුනු බවත්, එදා සිට අද දක්වා පැමිණි ගමනේදී මේ අවුරුදු 70 තුල  එක්සත් ජාතික පාක්ෂිකයෙකු වීම පිළිබඳව ආඩම්බර විය හැකි බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළාය. ඇය මේ අදහස් ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවන් කළ විශේෂ  ප‍්‍රකාශයකදීය.

එහිදී අමාත්‍යවරිය මෙසේ වැඩිදුරටත් අදහස් ප‍්‍රකාශ කරන ලදි.එදා මාහාමාන්‍ය ඞී.එස් සේනානායක මැතිතුමා පටන් ගත්ත පක්ෂයේ ඩඞ්ලි සේනානයක මහත්තයා ඊළඟ නායකයා වෙනකොට එතුමව හැඳින්වූවේ බත්දුන් පියා කියලා. රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා, රටට අවශ්‍ය සහල් නිශ්පාදනය ඇති කරලා, සහලින් රට ස්වයංපෝෂිත කරන්න කටයුතු කල නායකයා වගේම එතුමාගෙන් පටන් ගත්ත ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා, පේ‍්‍රමදාස ජනපතිතුමා, වර්තමාන නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා හැම කාලවකවානුවකම එකින් එක ඇතිකල දේවල් සංකල්ප තමයි අද වෙනකොට මේ රටේ ඇති කරලා තියෙන්නේ. අපි බංකොලොත් දේශපාලන වාසි ගන්න ඇති කළ පක්ෂයක් නෙමෙයි.

එදා ජේ.ආර් ජයවර්ධන ජනපතිතුමා 6න් 5ක බලය ගත්ත ජනපතිවරණයෙන් මේ රටට අවශ්‍ය හැම දෙයක්ම කරන්න එතුමා කටයුතු කලා. රටේ විවෘත අර්ථිකය ඇති කරලා, රටේ මුදල් තත්වය යහපත් කරලා, රටට අවශ්‍ය කර්මාන්ත බිහිකරලා, නිදහස් වෙළඳ කලාප ඇති කරලා, ලක්ෂ ගණන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකරලා, අනිත් පැත්තෙන් රටේ කෘෂි කර්මාන්තය දියුණු කලා යෝධ මහවැලි ව්‍යාපාරය ඇති කරලා, කර්මාන්ත වලට අවශ්‍ය විදුලිය බලය නිර්මාණය කලා වගේම අනෙක් පැත්තෙන් මහවැලි ව්‍යාපාරය මඟින් ඒ ප‍්‍රදේශ වල කෘෂිකර්මාන්තය පෝෂණය කරන්න අලූත් ගොවි බිමි, අලූත් ජනපද ඇති කරන්න එදා ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කලා. අධ්‍යාපනයේ  නිදහස් අර්ථවත් කරමින් මෙතුමා තමයි නොමිලේ පොත් ටික ලබා දුන්නේ. දරිද්‍රතාවය නිසා පාසල් නොගිය දරුවෝ පාසල් යවන්න කටයුතු කලේ එතුමා. 1985 එතුමගේ කාලයේ තමයි 1985 මම නියෝජනය කරන විදේශ රැකියා අමාත්‍යංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පණත ඉදිරිපත් කරලා අවිධිමත් විදියට රට ගිය ශ‍්‍රමය විධිමත් විදියට නීති රාමුවක් තුල රට අරින වැඩකටයුත්ත පටන් ගත්තේ එදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පණත සම්මත කරලා. ජේ.ආර් ජයවර්ධන ජනපතිතුමාගේ කාලයේ ඒ ඒ ක්ශේත‍්‍ර වල ඇතිවුනු ප‍්‍රබෝධය දියුණුව ගැන කතා කරන්න සෑහෙන කාලයක් යනවා. එක පැත්තකින් රැකියා බිහිවෙනකොට, අනිත් පැත්තෙන් රටේ ජනතාවගේ අතට මුදල් ලැබෙනකොට, ඉතාම පිටිසර ගම්බද ප‍්‍රදේශ නගර විදියට දියුණු  වෙනුකොට මේ හැම එකකම වෙනස පටන් ගත්තේ ඒ කාලේ.

ඊළඟට පේ‍්‍රමදාස ජනපතිතුමා පක්ෂයේ නායකතුමා විදියට පත්වෙනකොට එදා අග‍්‍රාමාත්‍යතුමා විදියට වගේම ජනාධිපතිතුමා විදියට එදා පටන් ගත්ත නොයෙකුත් ව්‍යාපෘති තමයි ඉදිරියට ගෙනගියේ. එදා අධ්‍යාපනයෙන් ජේ.ආර් ජයවර්ධන මහත්තයා නොමිලේ පොත් ටික දෙනකොට පේ‍්‍රමදාස ජනපතිතුමා නොමිලේ නිළ ඇඳුම් ලබා දුන්නා. එදා ජේ.ආර් ජයවර්ධන මහත්තයා පටන් ගත්ත හැම සංකල්පයක්ම ගමට අරන් ගියා. ග‍්‍රාම රාජ්‍ය බිහි කරන්න වෙළඳ කලාප වල තිබුණු කර්මාන්ත ශාලා ගම් වලට අරන් යමින් ගෙවල් වල ඉඳන්ම තරුණ තරුණියන්ට කර්මාන්තශාලා වල වැඩ කරන්න පුලූවන් පරිසරයක් ඇති කලා. එතුමා කළ ජනසවිය ව්‍යාපාරය, ජනසවිය ව්‍යාපාරය වගේ විශාල වැඩකොටසක් කළ නායකයෙක්.

වර්තමාන අග‍්‍රාමාත්‍යතුමා එදා යෞවන කටයුතු ඇමතිවරයා විදියට තරුණ තරුණියන්ගේ ජීවිත අර්ථවත් කරන්න යෞවන සමාජ ඇති කරලා නොයෙකුත් විදියේ දක්ෂකම් තිබුනු අය ඉදිරියට ගන්න හැම ක්ශේත‍්‍රයකටම අත දුන්නා. එතුමා අධ්‍යාපන ඇමතිවරයා විදියට භික්ෂු අධාපනය ඇති කරන්න පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කරන්න විශාල වැඩ කොටසක් කලා. 1994ට පෙර  කර්මාන්ත ඇමතිවරයා විදියට විශාල වැඩකොටසක් කළා. කර්මාන්ත බිහි කිරීමේදී සමාජයේ හැම කෙනෙකුටම තමන්ට දක්ශකම් තියන විදියට කර්මාන්ත වලට දායක වෙන්න පසුබිම හදලා දුන්නා. වර්තමාන ජනපතිතුමා ජනවාරි 8 වෙනිදා ලබපු ජයග‍්‍රහනයේ නියමුවා විදියට විනාශ වෙමින් තිබුණු රටක්, ණය බරක් තිබුණු රටක්, හැම තැනකම නාස්තිය දූෂණය ඉහවහා ගිය රටක් ආපසු හරවලා මේ අවරුදු 2ක් තිස්සේ නොයෙකුත් කැපකිරීම් කරලා මේ රටේ ඊළඟ අවරුදු 3තුල කරන්නට තියන සංවර්ධනය හරහා ගමට සල්ලි එන ක‍්‍රමය ඇති කරන්න මේ හැම එකකටම අගමැතිතුමා කැප වෙලා ඉන්නවා.

මේ පක්ෂයේ ප‍්‍රභලම පාක්ෂික පවුලක් විදියට මගේ ආතාගේ, තාත්තාගේ කාලේ ඉඳලා, හිටපු මහලේකම්වරයෙක්ව හිටපු මගේ අයියගේ කාලේ ඉදලා, අපි පක්ෂයේ වැඩකටයුතු කරගෙන ආවා. මේ පක්ෂයේ තියන වෙනස තමයි, සියයට සීයක් නොවුනත් රට වෙනුවෙන් කැපවුනු අය. යමක් කරන්නට පුලූවන් හැඟීමක් තියන අය විදියට රට වෙනුවෙන් යමක් කළ පක්ෂයක් විදියට අපිට ආඩම්බරයෙන් මතක් කරන්න පුලූවන් කියලා මේ 70 වෙනි සංවත්සරය සමරණ මොහොතේ කියන්න පුළුවන් යනුවෙන් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.