ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව පළමුව” (America First) යන ප්‍රතිපත්තිය අනුව යමින්ය.
විදේශීය තරගකරුවන්ගෙන් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම ඉහත කී වෙළඳ ප්‍රතිපත්තියේ අරමුණ වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශකයෙකු කියා ඇත්තේ, ට්‍රම්ප් පාලනය “සෑම විටම ඇමරිකානු සේවකයන්, ගොවීන්, ගොවිපල හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරනු ඇති” බවයි.
එහෙත් ඉහත කී තීරුබදු වැඩි වශයෙන්ම බලපාන චීනය සහ දකුණු කොරියාව එකී පියවර විවේචනයට ලක් කර ඇති බවත් සඳහන් වේ.