topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපිත් දැක්ක පත්තර වල ආණ්ඩුව ඇතුළෙ ඉඳ ගෙන ආණ්ඩුවටම බනිනවා. අමාත්‍ය නවීන් දිසානායක.

Naveen dissanayaka 2

“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙටත් කියනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මැති ඇමතිවරු ආණ්ඩුව ඇතුළෙ ඉඳ ගෙන ආණ්ඩුවට චෝදනා කරනවා නම් කරුණ කරලා සාමූහික වගකීම පිළි අරගෙන එළියට යන්න. අපිත් දැක්ක පත්තර වල ආණ්ඩුව ඇතුළෙ ඉඳ ගෙන ආණ්ඩුවටම බනිනවා. කරුණා කරලා ඒක කරන්න එපා. එහෙම කරනවා නම් ඒ අය ආණ්ඩුවෙන් අයින් වෙන්න. මොකද එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි සාමූහික වගකීම කියන දේ මුළු ආණ්ඩුවටම තියෙනවා.”

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  මේ බව පැවසුයේ පසුගියදා කළුතර මතුගම නගර සභා ශ්‍රවණාගාරයේදී පැවති කුඩා තේ වතු හිමියන් 1400 වෙත රුපියල් මිලියන 60 ක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම වැඩසටහනට සහභාගි වෙමිනි.

 

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …

මම අතිශයින්ම අද සතුටු වෙනවා අප රජය විසින් ඉතාමත් අමාරු බැරෑරුම් අවස්ථාවක කුඩා තේ වතු හිම්යන් වෙත සහන ලබා දීමට අවකාශය ලැබීම සම්බන්ධයෙන්. අපගේ රජය සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කළා යම්කිසි උවදුරක් ප්‍රශනයක් ඇති වූ විගස අපේ ආණ්ඩුව ක්‍රියාත්මක වන බව. තමුන්නාන්සේලා අපි මොන පක්ෂෙක හිටියත් ඇත්ත පිළිගන්න අවශ්‍යයයි. එකක් තමයි අපේ රට අධික ණය බරින් පිරුණු රටක් ලෙස අපිට හඳුන්වන්න වෙනවා. අපි එක රුපියලක් ආදායමක් ලෙස ලැබෙන කොට මේ රුපියලෙන් ශත අනූවක් ගෙවන්නේ ණය රාජ්‍ය සේවකයන්ගේ පඩිනඩි විශ්‍රාම වැටුප් ගෙවන්න. ශත දහයක් පමණයි ඉතිරි වෙන්නේ අපේ සංවර්ධන වැඩ කටයුතු සඳහා.

අපගේ නායකතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා 2020 වෙනකොට මේ ණය බර ප්‍රශ්නයට විසඳුමක් ගේනවා කියලා. ක්‍රමක්‍රමයෙන් මේ රාජපක්ෂ ආණ්ඩුව අපිට ලබා දුන්න ණය උගුලෙන් බේරෙන්න කටයුතු කරනවා කියලා. අපි මේ ප්‍රශ්නය ඊ ළඟ පරම්පරාවට යන්න ඉඩ දෙන්නෙ නෑ. මෙතන රාජපක්ෂ මහත්තයාට උදව් කරන අය බොහොම ඇති මොකද අපි  දන්නවා දත්ත වලින් ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් අපි කළුතර දිස්ත්‍රික්කයෙන් පැරදුනා. කළුතර වමට බර දිස්ත්‍රික්කයක්. ඒක සම්ප්‍රදායික දෙයක්. උඩරට බැලුවොත් නුවර නුවරඑළිය මාතලේ කොළට බර දිස්ත්‍රික්කයක්. නමුත් මෙතනින් ගත්තොත් කළුතර මාතර ගාල්ල හම්බන්ටතොට මේ දිස්ත්‍රික්ක හතර වමට බර දිස්ත්‍රික්ක. එක්සත් ජාතික පක්ෂෙට හොඳ තරඟකාරී ස්වරූපයක් ලබා දෙන්න අපගේ සංවිධායකතුමා ඉතාමත් දක්ෂ ලෙස කටයුතු කරනවා .පක්ෂයේ ඇමතිවරයෙක් නායකයෙක් වශයෙන් මම කියන්න කැමති තමුන්නාන්සේලාගේ සංවිධායකතුමාට ඉහළම හොඳ අනාගතයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාට පාර්ලිමේන්තුවට ලබන වතාවේ එන්න තමුන්නාන්සේලා වරමක් දෙයි කියලා ඒ වගේම අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මොකද සංවිධායකතුමා දේශපාලනයට එන්නෙ හම්බු කරලා එතුමාට ඒ නිසා හම්බු කරන්න දෙයක් නෑ. ඒක තමුන්නාන්සේලාත් මමත් පිළිගන්න ඕනෙ. එහෙනන් එතුමා මෙතෙන්ට එන්නෙ පාර්ලිමේන්තුවට එන්නෙ එතුමාතේ බඩ පුරවගන්න නෙවේ. එතුමා එන්නෙ සමාජයට යම්කිසි සේවයක් කරන්න. අද දේශපාලනයෙ තියෙන ප්‍රවණතාවය තමයි කණගාටුයි කියන්නත් සමහර විට අපේ ආණ්ඩුවෙත් එහෙම වෙන්න පුළුවන් දේශපාලනයට එන්නෙ හම්බු කරන්න. දේශපාලනයට එන්නෙ තමන්ගෙ දැරු පැටවු ටික පෝෂණය කරන්න.ඉඩම් ගන්න. සමහර කට්ටිය මේ කළුතර මුහුද අවට රත්තරන් චේන් කඩපු අය අද විශාල ගෙවල් මාළිඟා හදා ගෙන ඉන්නවා. කියන්න කණගාටුයි තමුන්නාන්සේලා දන්නවා කව්ද කියලා. ඒ අයට අද දූෂණ නඩු තියෙනවා. නමුත් අද ඉදිරිපත් වෙන්නෙ සුදනො හැටියට. වැඩියෙන්ම ආණ්ඩුවට බනින්නෙ චෝදනා කරන්නෙ  දූෂණය කරලා තියෙන කට්ටිය. මම හිනා වෙනවා රූපවාහිනියෙ ඒ අය දැක්කම. මොකද අපි දන්නවා ඒ අය කරලා තියෙන දේවල්. ඒ නිසා තමුන්නාන්සේලාත් හදවතට තට්ටු කරලා අහන්න කවුරු හරි දේශපාලඥයෙක් ඡන්දෙ ඉල්ලන්න තමුන්නාන්සේලා ළඟට ආවාම මෙයා හොරෙක් ද? නැද්ද ? කියලා. හදවතින්ම තමුන්නාන්සේලා ඒ ප්‍රශ්නය ඇහුවොත් හදවත පිළිතුරු දෙයි.

එම නිසා අපේ රජයේ තියෙන අඩුපාඩුකම් අපි ක්‍රමක්‍රමයෙන් හදා ගන්නවා.ප්‍රථම වතාවට මේ ලක් ඉතිහාසයේ මුදල් ඇමති කෙනෙක් ඉල්ලා අස් වුණා. හිටපු මුදල් ඇමති කෙනෙක් යම්කිසි චෝදනා එල්ල වුණු නිසා. චෝදනා වලින් නිදහස් වනතුරු අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එතුමාට කිව්වා ඉල්ලා අස් වෙන්න කියලා. මට මතක් වෙන්නෙ ගාමිණී ජයසූරිය මැතිතුමා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන කොට මම හිතන්නෙ ගොඩක් දෙනෙක් මෙය දන්නෙ නෑ. මේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම දන්නෙ නෑ ඉන්දු ලංකා ගිවිසුම කියන්නෙ මොකක්ද කියලා අම්මලා තාත්තලා නම් මෙය දන්නවා. 1987 කියන්නෙ මීට අවුරුදු 30 ට කළින්. ඒ අවස්ථාවේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමා ගාමිණී ජයසූරිය මැතිතුමා ඉල්ලා අස් වුනා.

එතුමා කිව්වා හදවතට එකඟව මට මේකට එකඟ වෙන්න බෑ කියලා. එතුමා ඉතාමත් හොඳ ඍජු දේශපාලඥයෙක් රත්තරන් මනුස්සයෙක්. එවැනි සංස්කෘතියක් මේ රටේ ඇති කරන්න අපි උත්සාහ කරනවා. වැරැද්දක් කරා නම් චෝදනාවක් තියෙනවා නම් කරුණා කරලා ගෙදර යන්න. හොරකම් කරන්න එන්න බෑ. එතකොට විජේදාස රාජපක්ෂ මහත්තයා එතුමා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ජනාධිපති නීතිඥයෙක්. එතුමා සාමූහික වගකීම කැඩුවා. එහෙම කරන්න බෑ මොකද කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්ත නම් කැබිනට් මණ්ඩලය ඇතුළෙ අත ඉස්සුවා නම් එළියට ඇවිත් වෙන දෙයක් කියන්න බෑ. ඒක තමයි සාමූහික වගකීම කියන්නෙ.අපේ පක්ෂය සම්පූර්ණයෙන්ම සාමූහික වගකීම කියන දේ පිළිගන්නා දේශපාලන පක්ෂයක්. ඒ නිසයි අපි එතුමාට කිව්වෙ  එතුමා මෙය පිළිගන්නෙ නැති නම් කරුණා කරලා ඉල්ලා අස් වෙන්න කියලා. එතුමා අයින් වුණා.

ඒ නිසා දයාබර අම්මේ තාත්තේ ගොඩක් සංකල්ප මේ ආණ්ඩුව විසින් දියත් කරන්න හදනවා. අපේ ආණ්ඩුව තවම අවුරුදු දෙකයි. එතකොට 1977 බලයට ආව ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවට අවුරුදු දෙකක් ගියා මහවැලි පටන් ගන්න 1979 යේ. ප්‍රේමදාස මහත්තයා බලයට ඇවිත් 1980 තමයි ගම්උදාව පටන් ගත්තෙ. මහපොළ ඇතුළත් මුදලි මහත්තයා 1981 පටන් ගත්තෙ. අපි දැන් අපේ වැඩ කටයුතු හරියට රේල් පීල්ලට දානවා. කෝච්චිය වගේ ඉදිරියට ගෙනියන්න අපිට කල් අවශ්‍යයයි. අපි නෑ කියන්නෙ නෑ අපගේත් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම හවුල් ආණ්ඩුවක්. මිශ්‍ර ආණ්ඩුවක්. බොහෝ විට තීරණ ගන්නකොට ඒවට කල් යනවා. සම්පත් අපි හරියටම බාගෙට බාගයක් තමයි බදා හරින්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට 50% යි එක්සත් ජාතික පක්ෂෙට 50% යි. හරියට බාගෙට බාගයයි. ඒක අමිහිරි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න තමුන්නාන්සේලත් හිකනවා ඇති අපි තමයි දර දිය ඇදලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්කර ගත්තෙ වැඩි හරියක් අපේ පැත්තට ඕනෙ කියලා එහෙම හිතන එකත් එක අතකින් සාධාරණයි.අපි වැඩ කරා නම් අපිට 50% වඩා ගන්න අයිතියක් නැද්ද කියලා හිතනවා මම අහන්නෙ.

ඉතිං මේ ක්ෂේත්‍රය බාරව ඉන්න ඇමති හැටියට අවුරුදු දෙකකට පස්සෙ මම සතුටින් කතා කරන්නෙ මට මතකයි එදා අමාත්‍යාංශය භාර ගද්දී අපේ අමාත්‍යාංශයට පෙළ පාළි එනවා හැමදාම. තේ මිල අඩුයි රුපියල් 50 -60 යි. මට නිකමට හිතුණ උගුලක් ද මේ අමාත්‍යාංශය මට කියලා. මොකද මේකෙන් මම අසාර්ථක වුණොත් මගේ දේශපාලන ජීවිතයත් ඉවරයි. නමුත් එහෙම වුණේ නෑ. මමත් යම්කිසි පෙරළියක් කරලා තියෙන පුද්ගලයෙක් අම්මේ තාත්තේ. ඒ නිසා මාස  6 -7 ක් යද්දී තේ මිල නගින්න පටන් ගත්තා. දැන් හොඳ මිලක් කුඩා තේ වතු හිමියන්ට ලැබෙනවා. ඒ නිසා මිල ප්‍රශ්නය දැන් හරි.

තව ප්‍රශ්න දෙකයි අපිට තියෙන්නෙ ඒ තේ වල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමයි. අපි කියන්නේ ලෝකෙ තියෙන හොඳම තේ කියලා.නමුත් මේ තේ වල ගුණාත්මකභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එම නිසා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නෙ ඒ නිෂ්පාදනය කරන තේ ටික ගුණාත්මකභාවයෙන් ඉස්තරම්ම තේ කර්මාන්ත ශාලා වලට ලබා දෙන්න. දෙවැනි ප්‍රශ්නය තමයි නිෂ්පාදනය දැන් අපගේ නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.

මේකට නොයෙකුත් හේතු තියෙනවා. දේශගුණය , ග්ලයිෆොසේට් වල් නාශක ප්‍රශ්නය මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මගෙ යුතුකම වගකීම තමයි මේ නිෂ්පාදනය අඩුම ගානේ කිලෝ මිලියන 300 වත් මේ රටේ නිෂ්පාදනයට අවකාශය ලබා දීම .මං හිතන්නෙ මේ අවුරුද්දෙ ගිය අවුරුද්දට වඩා නිෂ්පාදනයක් යනවා. ඉතිං එහෙ නම් ගුණාත්මකභාවයත් නිෂ්පාදනයත් හරි ගස්සලා තව අවුරුදු 20 ට 30 ට ඉදිරියට ගෙන යන්න පුළුවන් තේ ආර්ථිකයක් තමයි අපි මේ නිර්මාණය කරන්නට උත්සහ කරන්නෙ.

තව විශාල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් දැන් අවුරුදු 40 ක් විතර වෙනවා මේ තේ ඉඩම්. මේ තේ ඉඩම් වල සශ්‍රීකභාවය අඩු වෙලා තියෙනවා.එමස නිසා අපි නැවත වගාවකට ඉක්මණින් යන්න අවශ්‍යයයි. අපි නැවත වගාවකට යන්නෙ කොහොමද විශේෂයෙන්ම කුඩා තේ වතු හිමියන් ඉතාම අඩු ඉඩක තේ වගා කරලා තියෙන්නෙ. සමහර විට පර්චස් 50යි 60යි ඉතාම අඩු ඉඩම් ප්‍රමාණයක් තියෙන්නෙ. ඉතින් මෙහි එක කොටසක් තේ නවත්වලා නැවත වගාවට යන කොට තමන්ගෙ ආර්ථිකය නවතිනවා.ඉතිං අපි මේකට යම් ක්‍රමයක් හදන්න අවශ්‍යයි. ඒ කොටස වගා කරන කාලය තුළ තමුන්නාන්සේලාට යම්කිසි ආදායමක් ලබන්න ක්‍රමයක් හදන්න අවශ්‍යයි. ඒක කරන්න අවශ්‍යයයි. මොකද අපේ ඉඩමේ සශ්‍රීකභාවය අඩු වෙනකොට අපේ අස්වැන්නත් අඩු වෙනවා. අපි දැන් ක්‍රියාත්මක වුණේ නැතිනම් තව අවුරුදු  40න් අපේ තේ ආර්ථිකය කඩා වැටෙනවා.

අද කෙන්යාව වගේ රටක් තේ වවන්න අරන් අවුරුදු 50 ක් නෑ.ඉතාමත් ඉක්මණින් ඉහළ අස්වැන්නක් ලබා දුන්නා.අඩු මිලකට තේ නිෂ්පාදනය කරනවා.අපි එහෙම නෙවෙයි.අපේ කුඩා තේ වතු හිමියන් 73%ක් නිෂ්පාදනයේ ඉන්නෙ තමුන්නාන්සේලා. මම ඔබලාට ස්තූතිය පුද කරනවා මේ ගැන. තමුන්නාන්සේලා නැත්නම් මේ රටේ තේ නිෂ්පාදනයක් නෑ තේ ආර්ථිකයක් නෑ කියන එක මම පැහැදිළිවම ප්‍රකාශ කරනවා. එම නිසයි අපේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් අපි මේ විශාල මුදල තමුන්නාන්සේලාට ලබා දෙන්නෙ. රුපියල් මිලියන 60ක් ලක්ෂ 600ක් අද අපි මෙතන තමුන්නාන්සේලාට ලබා දෙනවා .ඉතිං අපි මේ මුදල් දෙන්නෙ යම් කිසි පරමාර්ථයක් ඇතිව. විශ්වාසයක් ඇතිව .අපි විශ්වාස කරනවා මේ මුදල් තමුන්නාන්සේලා භුමියට යොදවයි කියලා. වෙනින් දේකට යොමු කරන්න එපා ඔබගේ හදවත බඳු ඉඩමට යොදවන ලෙස අපි බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

ඒ වගේම අනාගතයේදී අපි තව මිලියන 600ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා නැවත වගාව සඳහා. එයත් මේ අචුරුද්ද තුළ දී ලබා දීමට අපි දැනටමත් කටයුතු කරනවා. එක අතකින් අපි තමුන්නාන්සේලාට පොහොර සහනාධාර එය ලබා දෙනවා එහි මුදල් තමුන්නාන්සේලාගේ ගිණුම් වලටම ලැබෙනවා. අපි ඊළඟ අවුරුද්දේ සිට එය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පොහොර සහනාධාරය වවුචරයත් හරහා තමුන්නාන්සේලාට ලබා දෙන්න. බොහෝ අයට පරණ ණය තියෙනවා ඉතිරි මුදල් ලැබුණාම ඒ ණය ඔබට ලැබෙනවා. අපි අනාගත වැඩපිළිවෙලවල් හදනවා ඒවා තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා නොකර කරන්නෙ නෑ. කුඩා තේ වතු සමිති හරහා ඒ මත විමසලා තමයි අපි ක්‍රියාත්මක වෙන්නෙ. ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

දැන් අපි සියලුම අංශ වලට බද්ධක් දාලා තියෙනවා. ඒ කියන්නෙ අපි යම් මුදලක් ලබා ගන්නවා. විශේෂයෙන්ම සෙස් බද්ධ. එතකොට මේ නැවත වගාවට යම් මුදලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ මුදල අපි ආණ්ඩුව භාර ගන්නෙ නෑ. කුඩා තේ වතු සමිති වලට ඒ මුදල යවන්න පුළුවන්. ඒ යෝජනාවට කැමති නම් ක්‍රියාත්මක කරන්න කැමති නම් ප්‍රායෝගික නම් අනාගතයට හොඳ නම් අපි ක්‍රියාත්මක කරනවා. තමුන්නාන්සේලා කියනව නම් මෙය අවශ්‍ය නෑ කියලා මේක අපිට බරක් මේ දෙය නොකිරීමෙන් අපිට වාසි කියලා අපි එහෙනම් නිකන් ඉන්නවා.

නමුත් මම නම් තීරණ ගන්න කැමති අමාත්‍යවරයෙක්.මම රැඩිකල් තීරණ ගන්න ඇමතිවරයෙක්. තව අවුරුදු 40 කතේ ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් තීරණ ගන්න ඇමතිවරයෙක්. එහෙම නොකළොත් ඔබේ දරුවන්ගේ තේ කර්මාන්ත අනාගතය බිඳ වැටෙනවා. එම නිසා තේ කර්මාන්තය තියා ගන්න අපි එකතු වෙලා සාමූහිකව කටයුතු කරමු කියන පණිවිඩය මම තමුන්නාන්සේලා සියලු දෙනාටම දෙනවා. මොකද මේක වැදගත් ආරක්ෂා කර ගත යුතු ක්ෂේත්‍රයක්.

1 Comment
  1. 86Etsuko says

    I see you don’t monetize your blog, don’t waste your traffic, you can earn additional
    cash every month because you’ve got high quality content.
    If you want to know how to make extra money, search
    for: best adsense alternative Wrastain’s tools

Leave A Reply

Your email address will not be published.