“මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න අවශ්‍යයයි. මාධ්‍ය ආයතනයක් කියන්නේ විශාල වගකීම් රාශියක් තියෙන ආයතනයක්. විශේෂයෙන් පොදු ජනතාවට ඇත්ත කියන ආයතනයක් වෙන්න අවශ්‍යයයි. මොකද රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ජනතාවට විශාල සැකයක් තියෙනවා. හැමවේලාවේම රජයේ මතය පමණයි ඉදිරියට දාන්නේ, රජය ආරක්ෂා කරනවා,රජයට සුදු හුණු ගානවා. මේවා ලංකාවේ මාධ්‍ය ආයතන වලට පමණක් කියන දේවල් නෙමෙයි. ඉතිං මම ඔබතුමන්ලාටත් කියන්නේ සමබර පුවත් ඉදිරිපත් කරන්න. ප්‍රධාන කර්තෘවරුන්ට මාධ්‍යවේදීන්ට නිදහස දීලා මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපේ යහපාලන ආණ්ඩුවෙත් සංස්කෘතිය ඒකයි.අපි කිසිම දෙයක් යටපත් කරන්න කැමති නැහැ.”
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මේ බව පැවසුයේ ලේක් හවුස් ආයතනයේ පැවති “වැවිලි සවිය” පුවත්පත එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …
අපි අද ලේක් හවුස් ආයතනයත් සමඟ එකතු වෙලා අපේ මේ “වැවිලි සවිය” පුවත්පත එළි දැක්වීම සිදුකරනවා.ලේක් හවුස් ආයතනය සමඟ සම්බන්ධවෙලා මේ කාර්ය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. විශේෂයෙන් මේ ආයතනය අපේ රටට ගහට පොත්තක් වගේ එකතු වුණ ආයතනයක්. ආන්දෝලාත්මක ආයතනයක් කියන්නත් පුළුවන්. මේ ආයතනය විජේවර්ධන පවුලට තමයි අයිති වෙලා තිබුණේ.
ඊට පසු 70 ගණන් වල මේක රාජසන්තක කළා. ඊට පසු දිගටම රජය සතුව තිබුණේ.බොහෝ අය කියනවා මාධ්‍ය ආයතන වලට රජය ඇඟිලි ගහන්න හොඳ නැහැ කියලා. ප්‍රධාන කර්තෘවරුන්ට මාධ්‍යවේදීන්ට නිදහස දීලා මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම පුරවැසියෙක්ට ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්.
ඇත්තෙන්ම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ මේ වැවිලි ක්ෂේත්‍රයේ තිබෙන දැනුම,තාක්ෂණය අපේ මහජනතාවට ලබා දෙන්න. මක් නිසාද අපි කරන කාර්යන් පිළිබඳ ජනතාව දැනුවත් නැති අවස්ථා අපි දකිනවා. අපි සන්නිවේදනය පිළිබඳ අළුතින් විශ්ලේෂණයක් කරන්න අවශ්‍යයයි. අපි අද මුද්‍රිත මාධ්‍යයෙන් හා විද්යුත් මාධ්‍යයෙන් තමයි අපේ දැනුම ප්‍රචලිත කරන්නේ. අද තරුණ පරම්පරාව වැඩිපුර යොමු වන්නේ විද්‍යුත් මාධ්‍යයට. ඉති අපිට මේක ඇප් (APP) එකක් මාර්ගයෙන් යවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතිං අපි අළුතින් හිතන්න අවශ්‍යයයි.
විශේෂයෙන්ම මම අද කියන්න සතුටුයි මම අමාත්‍යාංශය භාරගන්න කොට තිබුණ ඒ මිල ප්‍රශ්නය නැති වෙලා අද හොඳ මිලක් ලැබෙනවා. අපේ ආර්ථික දත්ත අනුව දෙවන කාර්තුවේ තේ,පොල් හා රබර් වල නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒක සතුටට කරුණක්. මොකද අපිට මිල වැඩිවුණා කියලා විතරක් සතුටු වෙන්න බැහැ.අපේ නිෂ්පාදනයත් ඒ හා සමානව තබා ගත යුතුයි. මිල නිෂ්පාදනය හා ගුණාත්මකභාවයට අමතරව තව දෙයක් තියෙනවා. ඒ තමයි ගුණාත්මකභාවය වැඩි කරන එක. විශේෂයෙන් තේ පොල් රබර් වලට ඉහළ මිලක් ලැබෙනවා කුඩා ගොවියන්ට. නමුත් ඊට වඩා වැදගත් වන්නේ විදේශ විනිමයක් ලබා ගන්න එක.1990 ගණන් වල එක්සත් ජාතික පක්ෂය රජය හරහා අපි මේ රටේ ඇඟළුම් කර්මාන්තය මේ රටේ ව්‍යාප්ත කළා. 44% විදේශ විනිමය අනුපාතයක් ලබෙන්නේ ඇඟළුම් කර්මාන්තය හරහා. ඒක අපිට අමතක කරන්න බැහැ. ඊට පසුව එන්නේ ප්‍රධාන වැවිලි බෝග තුනෙන්. නමුත් 70 ගණන් වල 80 ගණන් වල මීට වඩා විදේශ විනිමයක් ලැබුණා.ඉතිං ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒකට කාටවත් චෝදනා කරන්න බැහැ. අපේ ආර්ථිකය අනෙකුත් පැති වලට යොමු වීම නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.අපිට ඇඟළුම් වලින් තේ පොල් රබර් වලින් පමණක් ඉදිරියට යන්න බැහැ. අපි අළුත් දේවල් සම්බන්ධයෙන් හිතන්න අවශ්‍යයයි.
ඉන්දියාවට පුළුවන් වුණා 90 ගණන්වල ඉඳලා පරිඝණක පැත්තෙන් ඉදිරියට එන්න. නමුත් අපිට එතනට යන්න බැරි වුණා. අපි තව අවුරුදු 10 කට 15 කට එහා හිතන්න අවශ්‍යයයි. අපිට හොඳ ශ්‍රම බලකායක් තියෙනවා. අපි විශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට යට කරනවා. මිනිසුන් වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් සිදු කරනවා. නමුත් අපි ඒකෙන් නිසි ඵල ලබන්නේ නැහැ. ලෝක බැංකුවෙන් අපිට ආධාර එනවා අළුත් ව්‍යාපෘතියක් සඳහා. ජපානයෙන් ඩොලර් මිලියන 150ක් ලැබෙනවා තේ කම්හල් දියුණු කිරීම සඳහා. දැනටමත් අපි කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් ඩොලර් මිලියන 65 ක් වියදම් කරනවා. ඉති මේ සම්පත් ඔක්කෝම එක තැනකට පැමිණිය විට මේ අමාත්‍යාංශය සම්පත් බහුල තැනක් බවට පත්වෙනවා.
ඒ නිසා අපිට ජනතාවට ගොඩක් උදව් කරන්න පුළුවන් වෙනවා ඒ වගේම අපි අද පටන් ගත්ත මේ පුවත්පත ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහට දිගටම ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.