topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙබ් අඩවි තහනම් කරන්න බැහැ – ඇමති මංගල

වර්තමානයේ වෙබ් අඩවි තහනම් 21 වෙනි සියවසට නොගැළපෙන, අර්ථ ශූන්‍ය ක්‍රියාවක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

කොළඹ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවති “මාධ්‍යයේ දේශපාලනය” නම් වැඩසටහන අමතා අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා එලෙස අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේදී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලැබීම පිළිබඳව සිය මතය ප්‍රකාශ කරමිනි.

“ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සාහ කිරීමත් පසු බෑමක් විතරයි,” අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ වැඩසටහනේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට,” යනුවෙන් ද පැවසීය.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිත කරමින් ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කිරීම දැඩි ලෙස හෙළා දැක තිබුණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම වාරණය වහාම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බල කර සිටිති.

වෙබ් අඩවිය වාරණය කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළි වී ඇති බව ද ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනයක සඳහන් විය.

අමාත්‍ය මංගල සමරවීර සන්ධ්‍යා එක්නැලිගොඩ සමග

මේ අතර සඳුදා (දෙසැම්බර් 04) ට්විටර් ඔස්සේ ප්‍රකාශයක් කළ ග්‍රවුන්ඩ්වීව්ස් (Groundviews) වෙබ් අඩවියේ දෙමළ භාෂා අඩවිය වන මාත්‍රම් (Maatram) වෙබ් අඩවිය, තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගනිමින් ලංකා ඊ නිව්ස් වාරණය කිරීම පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණ බව සඳහන් කර තිබිණ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මාත්‍රම් වෙබ් අඩවිය පවසයි.

මේ අතර අඟහරුවාදා (දෙසැම්බර් 05) කොළඹ පැවති “මාධ්‍යයේ දේශපාලනය” වැඩමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර, දේශපාලනය සහ ජනමාධ්‍ය අතර ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය සාධකයක් බව ද සඳහන් කළේය.

එම ගැටුමේදී කිසියම් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය පරයා යන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානි කර බව පැවසූ අමාත්‍ය මංගල සමරවීර, මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව කළ සමීක්ෂණයක තොරතුරු ඇතුළත් Constructive news නම් ග්‍රන්ථය පවසන පරිදි ලෝකයේ විශ්වසනීයම වෘත්තීන් අතරින් ජනමාධ්‍යවේදීන්ට හිමි වී තිබෙන්නේ ඉතා පහළ ස්ථානයක් බව ද පැවසීය.

“දේශපාලනඥයන්ට වගේ ම ජනමාධ්‍යවේදීනුත් විශ්වාසය අඩුවෙන් දිනාගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නෙ ඇයි කියල අපි සමීක්ෂණය කරන්න ඕනෙ. දේශපාලනඥයො කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුනත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්.”

එබැවින් වෘත්තීය ජනමාධ්‍යවේදීන් ද ක්ෂණයකින් පුවත් පළ කරන වෙබ් අඩවි සමග තරග කිරීමට උත්සාහ කිරීමෙන් “සත්‍ය යට යනවද” යන්න පිළිබඳවත් සිතා බැලීමට කාලය එළඹ තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.