දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් පවසයි.පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තම මවට සහෝදරයන් නොමැති බවයි.
ඒ අනුව විමල් වීරවංශ කරන චෝදනාව ඔහු ඔප්පුකර පෙන්නුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවත් එය අසත්‍ය නම් මන්ත්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නවාදැයි මන්ත්‍රී රිෂාඩ් මෙහෙදී විමසිය.