මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුලු එහි සාමාජිකයින් තිදෙනාගේම අත්සනින් යුතු අතිශය තීරණාත්මක ලිපියක් ජනපතිට හා අගමැතිට යොමු කර ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීමක් සිදුවුවහොත් ඒ සම්බන්දයෙන් මැතිවරණ කොමිසමේ තීරණය මෙසේ දැනුම් දී ඇති අතර එසේ මැතිවරණ කල්දැමීමක් සිදුවුවහොත් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයිද පැවසේ.
තවද මැතිවරණ කල්දැමීම පිලිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති උපුටා දක්වමින්, මැතිවරණය කල්දැමීම ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවක් බව මෙම ලිපියෙහි සදහන් බවද වාර්තා වේ.