කාන්තාවෝ කීප දෙනෙක් එකතුව් එලා කාගේ හෝ අවශ්‍යතාවයකට කාගේ හෝ මුදල් වියදම් කරමින් කාන්තාවන් පිටරට යවන්න එපා යැයි උද්ඝෝෂණ කරන බවත්, කාන්තාවන් පිටරට යැවීමේදී පුහුණු ශ්‍රමිකයන් විදිහට සහ ගෘහ සේවයට යන කාන්තාවන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩි දියුණු කර ඉහල වැටුප් ලැබෙන සුරක්ෂිත පරිසරයක රැකියාවක් ලබාදෙන්න උපරිම උත්සාහයක් ගන්නා බවට වගකීමෙන් සඳහන් කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල සඳහන් කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවතී මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරිය මේ අදහස් පළකළේ ය.