topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මනෝ සමුගනියි

ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂවරයකු, රංගවේදියකු, රංගකලා ආචාර්යවරයකු, ගායන ශිල්පියකු, හා කවියකු වූ ජයලත් මනෝරත්න අද(12) අලුයම සිය දිවි මග නිමා කළේය.

කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න හෙවත් ‘මනෝ’ , 1948 ජූනි මස 12 වැනිදා නුවරඑලියේ දෙහිපේ ග්‍රාමයේ උපත ලැබූවෙකි. ලිපිකරුවෙක් ලෙසට රාජ්‍ය සේවයට එක්ව එහි වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත් වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් ජයලත් මනෝරත්න පුර්ණ කාලීන කලාකරුවකු ලෙස ජිවත් වූවෙකි.

පාසල් සමයේදී ‘අස්පගුඩුං’ නාටකයෙන් වේදිකාවට පිවිසි මනෝ පසුකාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ ශිෂ්‍යයකු ලෙස ඔහුගේ නාට්‍ය ඇසුරේ රංගනය පිළිබඳව හදාරන්නට සමත් විය. වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වැනි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයයන්හි රංග දායකත්වය පෑ ඔහු සරත්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග පෙම් සබඳතාවකින් පසු විවාහ විය. පසුකාලයක සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් මනෝරත්න තවදුරටත් පුළුල් ලෙස රංගනය හා වේදිකාව විෂය පිළිබඳ මනා දැනුමක් ලැබගන්නට සමත් විය.

රංගධරයකු ලෙස ඔහු මැවු විශිෂ්ට භූමිකා වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන රංගන කලාපයන් සියල්ලම ආවරණය වේ. එහිදී ගම්පෙරළිය ජිනදාස, ගුරුතරුව නාට්‍යයේ සාහිත්‍ය ගුරුතුමා, සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ පීටර් අයියා, සකිසඳ එලියස් ටෙලි නාට්‍යයේ එළියස් අප්පුහාමි, බෝඩිම නාට්‍යයේ ජයලත් ආදිය දැක්විය හැකිය.

කවියකු ලෙසද ප්‍රතිභාවක් සහිත වූ ඔහු 80 දසකයේදී ‘දොළොස් මහේ පහන’ කාව්‍ය සංග්‍රහයේදී සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති සමග සිය කාව්‍ය නිර්මාණ සහෘදයන්ට පිරිනැමීය. ඉන්පසුව, සිංදු බිංදු, ගල්වඩු රාළ වැනි ළමුන් වෙනුවෙන් වූ  නිර්මාණ මෙන්ම, දවස තවමත් තරුණයි, මිනිහට නින්ද යන්න ඇති, පියදාස සහ කුමාරිය (කෙටිකතා – බුද්ධදාස ගලප්පත්ති සමග) ඔහු විසින් කෘති ලෙස ඉදිරිපත් කළේය. සිය ශාස්ත්‍රිය අධ්‍යයනයේ පලයක් ලෙස ඔහු ‘සිංහල නාටකයේ ප්‍රසාංගික හා කලාත්මක වර්ධනය’ නමින් කෘතියක්ද ලියා පල කළේය.

ජයලත් මනෝරත්න රංගධරයා රගපෑ 37කට අධික වේදිකා නාට්‍යාවලිය අතර සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන භූමිකා විශේෂය.

ඔහු විසින් නිමැවූ සොක්‍රටීස්, පුත්‍ර සමාගම, ගුරුතරුව, අන්දරේලා, ලෝකය තනි යායක්, බූරුවා මහත්තයා ආදී විශිෂ්ට වේදිකා නාට්‍ය මෙරට සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනාවට පත් නිර්මාන අතර වේ. එසේම ඔහු දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර ටෙලිනාට්‍යවල ඔහුගේ රංග භූමිකා ජනාදරයට පාත්‍ර විය.

මනෝරත්න නම් විශිෂ්ට රංගධරයාගේ සිනමා රංගනයන් අතර 1979 – හඳයා, 1980 – සිරිබෝ අයියා, 1987 – හිත හොඳ චණ්ඩියා, 1987 – මංගල තෑග්ග, 1991 – ස්ත්‍රී, 1992 – උමයංගනා, 1992 – සිසිල ගිනිගනී, 2002 – පුංචි සුරංගනාවී, 2003 – සුදු කළුවර, 2004 – සූරිය අරණ, 2004 – ප්‍රේමවන්තයෝ, 2004 – ගිනි කිරිල්ලි, 2006 – හිරි පොඳ වැස්ස, 2006 – භේරුන්ඩ පක්ෂියා, 2008 – සිරි රජ සිරි, 2008 – වලා පටල, 2009 – බිංදු, 2010 – බඹර වලල්ල, මංගල තෑග්ග, හඳයා, සපත කන්‍යා, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප‍්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් වැනි නූතන නිර්මාණ දක්වා වූ දායකත්වය අනභිබවනීය වේ.

කලක් රෝගාතුරව සිට සුවය ලබා සිටි ඔහු අභාවයට පත්වන විට මනෝ 71 වැනි වියේ පසුවිය.

ජයලත් මනෝරත්නගේ නිසල දේහය බොරලැස්ගමුව, අබේරත්න මාවතේ අංක 18 නිවසේ රසික ප්‍රණාමය උදෙසා තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 15 වැනි බදාදා සිදුකරන්නට නියමිතය.

Leave A Reply

Your email address will not be published.