පසුගිය දා දකුණු අප්‍රිකාවේදී පැවති 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලෝකයේ වේගවත්ම පන්දුව සටහන් වූයේ ශ්‍රී ලංකා ක්රීඩකයෙකුගෙනි. ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මතීෂ අනුශාල් පතිරණගේ එම දක්ෂතාව දැක්විය. එය ඇගයීම වෙනුවෙන්වූ විශේෂ උත්සවයක් පසුගියදා මහනුවරදී පැවැත්වින.මධ්‍යම පළාත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්යක්ෂ කේ .කැකුලන්දරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා, ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා සංගමයේ සභාපති දේශබන්දු අල්හාජ් එම්.අයි. එම් හාසිල්,රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ. රාජපක්ෂ මෙන්ම මතීෂ පතිරණ ගේ ක්‍රිකට් පුහුණුකරුවන් කිහිපදෙනෙකුද විශේෂ ආරාධිතයින් ලෙස එක්විය.
මතීෂගේ ප්‍රදේශවාසීන් හා ඥාතීන් එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ඔහු වෙත විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමිණි .