ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර සැපයීම නතර කිරීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පිළිතුරු ප්‍රකාශය කර ඇත.
එහිදී ඔහු සඳහන් කරන්නේ මේ අවස්ථාවේ කොරෝනා වෛරසයට එරෙහිව සියළු දෙනා එකමුතුව සිටිය යුතු බවයි. එසේම COVID-19 ට එරෙහි යුද්ධය ජය ගැනීම සඳහා ලෝකයේ දරන උත්සාහයට එය අතිශයින්ම වැදගත් වන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය දිය යුතු බව තමන් විශ්වාස කරන බවද අන්තෝනියෝ ගුටේරස් පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපා දැමීම කපා හැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකටම සමීපව ක්‍රියාකරන අතර කිසිඳු රටකට කිසිම විශේෂත්වයක් නොදක්වන බවත් ය. ලෝක සෞඛ්‍ය සංවිධානය මොනයම් හෝ ආකාරයකට ජාතිවාදී හැගීමකින් කටයුතු නොකරන බව ද ට්‍ර්ම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දීම වෙනුවෙන් අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පවසා තිබුණි.