topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒක පී. බි.ගේ  පුද්ගලික එකක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් කොටසක් හෝ දිනක වැටුපක් වැන්දඹු හා අනත්දරු අරමුදලට ‘තමන් කැමතිනම් බැර කරන ලෙසට’ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර කර ඇති ඉල්ලීම ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ. ඒ හැර ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රකාශය රජයේ ඉල්ලීමක් නොවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එම පෞද්ගලික ඉල්ලීම විකෘති කරමින් ඇතැම් දේශපාලනඥයින් සහ සමාජ මාධ්‍ය රජයට පහර ගැසීමේ වැඩපිළිවෙළක නිරත බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

ලේකම් පී. බී.ගේ ඉල්ලීම

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින්  සමස්ථ අයවැය පීඩනය අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

“අප රටේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රජයට අවශ්‍යයි. එක් මසක් අප මේ වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම් සදහා යෙදවන ලෙස උපදෙස් දුනහොත් මැයි මාසයේ වියදම අඩුවී ආදායම වැඞීවීමෙන් අයවැය හිඟය අඩුකර ගත හැකියි..” යනුවෙන් ජනාධිපති ලේකම්වරයා පවසා තිබිණි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන පරිදි ජනාධිපති ලේකම්ගේ පෞද්ගලික ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක සියලූම් අමාත්‍යාංශලේකම්වරුන්, පළාත් සභා ලෙක්ම්වරුන් හා පළාත් ලේකම්වරුන් මෙන්ම දිස්ත්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලූ සියලූ රාජ්‍ය නිලධාරීන් වෙත නිවේදනයක් සේ නිකුත් කර තිබීම විශේෂයකි.

කොවිඞ් 19 වසංගත ත්ත්තවය හේතුවෙන් රට මුහුණ දී සිටින්නේ 1930 දී ඇතිවූ ලෝක ආර්ථික අවපාතයටත් වඩා දරුණු ලෝක ආර්ථික අර්බුදයකට බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බවා ප‍්‍රකාශ කරන බවත්, විවිධ රටවලින් ණය ආධාර සහ සහන ලබා ගැනීමට මෙන්ම අප විසින් ද අපගේ දේශීය ශක්තිය විදහාපෑම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා ඒ නිවේදනයේ සදහන් කර ඇත.

ආර්ථික වශයෙන් වරස ගණනාවක්ම පැවැති ජාත්‍යන්තර වෙළඳාම, අපනයන, සංචාරක ක්ෂේත‍්‍ර ඇනහිට තිබෙන අතර විදේශ අදාායම් මෙන්ම රජයේ ආදායම් මාර්ග ද අවහිර වී ඇති බවත්, මෙය මාස කිහිපයක තාවකාලික පීඩනයක් වුවත් එම කාලය තුළ ණය ගෙවීම අප සිදුකළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා පවසයි.

ඔහු පවසන්නේ දේශීය ණය කෙසේ හෝ කළමණාකරණය කළ හැකි වුවද විදේශ ණය සඳහා රජයේ සීමිත ලැබීම් මගින් විදේශ මුදලින් ගත් ණය ආපසු ගෙවිය යුතු බවත්, රටේ අනෙකුත් කටයුතු ද ඉටු කළ යුත්තේ එම පීඩනය ද කළමණාකරණය කරමින් බවත් එය කළ හැකි බවයි.

සියලූ දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි බවත්, මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක් හෝ දිනක වැටුප වශයෙන් මෙම දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපති ලේකම් පි. බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු කාර්යය මණ්ඩලය ද මෙම කාර්යයට සහභාගී කරවිම දිරි ගැන්විමට කටයුතු කරන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති ලිපියේ සඳහන් විය.

මෙවැනි දායකත්වයන් තුළින් රාජ්‍ය සේවය නම් වූ උත්තරීතර සේවාව ශක්තිමත් කිරිමට ද එහි ගෞරවනීයත්වය රැක ගැනිමට මෙම ක්‍රියාව මඟින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

පී. බී. සීමාව බිඳගෙන – සුනිල් හඳුන්නෙත්ති

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන ආකාරයට ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් යවනු ලැබූ “පෞද්ගලික ලිපිය” පිළිබඳව අදහස් දක්වමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති විමසන්නේ රාජ්‍ය යාන්ත‍්‍රණයට එලෙස පෞද්ගලික ආයාචනයක් කරමින් ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ලිපි ශීර්ෂයක් භාවිත කරමින් ලිපි යොමු කිරීමට ජනාධිපති ලේකම්වරයාට හැකිද යන්නයි.

“ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මේ වෙනකොට පෞද්ගලික ආයාචනයක් හැටියට පාවිච්චි කරලා ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා මැයි මාසයේ රජයේ සේවකයන්ගේ වැටුපෙන් පරිත්‍යාගයක් කරන හැටියට. කොරෝනා මර්ධන වැටසටහනට. මේක පෞද්ගලික ඉල්ලීමක් නම්, පෞද්ගලික ආයාචනයක් නම් ඒක කොහොමද ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයක නිකුත් කරන්නේ කියන ප‍්‍රශ්නය තමයි අපිට එන පළවැනියෙන්ම ප‍්‍රශ්නය…”

“මේ ලිපිය යොමු කරලා තියෙන්නේ අග‍්‍රාමාත්‍ය ලේකම්ට, අමාත්‍ය මණ්ඩල ලේකම්ට, මහ බැංකුවේ අධිපතිට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප‍්‍රධානීන්ට, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් ඇතුළු සියළු රාජ්‍ය යාන්ත‍්‍රණයට. එක තමයි ඊළඟ ප්‍රශ්නය..”

“ඒ ලිපියේ පිටපත් යොමුකරලා තියෙනවා නීතිපතිවරයාට හා විගණකාධිපතිවරයාට. අපි කාටහරි පුද්ගලික ආයාචනයක් කළොත් ඒකේ පිටපතක් නීතිපතිවරයාට යවන්නේ නැහැනේ. නීතිපතිවරයාට යවන එකේම තේරුම තමයි ඒක නීතිමය කටයුතුවලට යොදවන්න පුළුවන් දෙයක් හැටියට. විගණකාධිපතිවරයාට පිටපතක් යවන එකේ තේරුම තමයි ඒක ගිණුම් වශයෙන් රාජ්‍ය මූල්‍ය විගණනයට යටත් වෙනවා කියන එක. එතකොට පෞද්ගලිකව පී.බී. ජයසුන්දරගේ ආයාචනයේ පිටපතක් විගණකාධිපතිවරයාට යවන්නේ කොහොමද. ඒකේ තියෙන අවශ්‍යතාවය මොකක්ද. පෞද්ගලික ආයාචනයේ පිටපතක් නීතිපතිවරයාට යොමු කිරීමේ තියෙන නිත්‍යානුකූලභාවය මොකක්ද…”

ඔහු පවසන්නේ මෙය පැහැදිළිවම රාජ්‍ය බලය පෞද්ගලිකව පාවිච්චි කිරීමක් බවයි. ඉතා බරපතල ආකාරයට සමස්ත රටක් හැටියටම මෙය ප‍්‍රතික්ෂේප කළයුතු ලේඛනයක් බව හඳුනෙත්ති අවධාරණය කරයි.

“එක්කෝ රාජ්‍ය බලය  ඕනෑම ආකාරයකට අයුතු විදියට පාවිච්චි කරන්න පුලූවන් බව ජනාධිපතිවරයා වෙනුවෙන් පී.බී. ජයසුන්දර මහත්තයා ඔප්පු කරලා තියෙනවා. එහෙම නැත්නම් පී.බී. ජයසුන්දර මහත්තයා රාජ්‍ය නිලධාරියෙක් හැටියට සීමාව බිඳගෙන තියෙනවා…”යයි ඔහු වැඩිදුරටත් පවසයි.

“ඒ වගේම අපි දන්නවා ඔය පී.බී. ජයසුන්දර මහත්තයාම උපදෙස් දෙන කැබිනට් මණ්ඩලයේ සැප වාහන වලට තියෙන වියදම් අඩු කරගෙන නෑ. ඔවුන් මැතිවරණ වලටත් ඒ වාහන පාවිච්චි කරනවා. නිල නිවාස පාවිච්චි කරනවා. ඒවා කපාගන්නේ නැතිව ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අද රාජ්‍ය සේවකයන්ට කරන බලහත්කාරයට මුළු රටක් හැටියට විරුද්ධ වෙන්න  ඕනෑ. මොකද රාජ්‍ය සේවකයෙක් පරිත්‍යාගයක් කරනවානම් මුළු රටේ හැමෝම දැන් ඒ පරිත්‍යාගයන්, කැපකිරීම් කරලා තියෙනවා. රාජ්‍ය සේවකයන් වැඩකරලා පරිත්‍යාග කරලා තියෙනවා. පඩි නොගෙන වැඩකරලා පරිත්‍යාග කරලා තියෙනවා. සමස්තයක් විදිහට මේ දුෂ්කර මොහොතේ සමාජයක් හැටියට පරිත්‍යාග කරලා තියෙනවා…”

ඉල්ලීම අසාධාරණයි – ලංකා ගුරු සංගමය

මේ අතර ජනාධිපති ලේකම්ගේ මෙම ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, සිය ආයතනවල සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙසට අනවශ්‍ය බලපෑම් කිරීමේ ඉඩක් ඇති බවත්, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියෙන්ද එවැනි බලපෑම් වක්‍රාකාරව දිරිගන්වා ඇති බවත් ගුරු සංගමය මැයි 07වන දින නිකුත් කළ සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාවට අධික වියදමක් දැරීමට සිදුව ඇති බවත් එවැනි පසුබිමක රාජ්‍ය සේවකයන්ගේ වැටුප කපා හැරීම අසාධාරණ බවයි ඔවුන් එම නිවේදනයේ සදහන් කර තිබෙන්නේ.

Leave A Reply

Your email address will not be published.