මෙරට ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිස්ව ඇති පුහුණුකාරිණි තනතුරු සඳහා අලූත් පුහුණුකාරිණියක් පත්කිරීම සම්බන්ධයෙන් ජාතික දැල්පන්දු සංගමයේ අවධානය යොමුව කර තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්ති සමය නිමා කළ පසුව ඒ සම්බන්ධයෙන් සුදුසුම පුහුණුකාරිණිය සොයා ගැනීමට දැල්පන්දු සංගමය කටයුතු සුදානම් කර ඇතැයි වාර්තා වේ.
මෙතෙක් කලක් ජාතික දැල්පන්දු කණ්ඩාමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළේ තිලකා ජිනදාස ය. පසුගිය දා ඇය එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව පිරවීමට මේ දක්වා ජාතික දැල්පන්දු සංගමයට නොහැකිව තිබේ
ලැබෙන තොරතුරු අනාවරණය කරන්නේ මීළඟ ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය බොහෝ විට ශ‍්‍රී ලාංකිකාවක වන බවයි. එහෙත් තවමත් මේ තනතුර සඳහා කිසිවෙකුත් ඉල්ලූම්පත් යොමු කර නැත. ඉදිරියේදී අයඳුම්පත් කැඳවීමෙන් පසු යොවුන් දැල්පන්දු පුහුණුකාරිණියෝ මෙන්ම හිටපු ප‍්‍රවිණ පුහුණුකාරිණියෝද ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය වීමේ අපේක්ෂාවෙන් ඉල්ලූම්පත් යොමු කිරීමට සූදානමින් සිටිති.