කොරොනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවාතිබු සම්පුර්ණයෙන්ම වසා දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර සිටියි.
මාර්තු 24 වන දින සිට ක්‍රියාත්මක කළ එසේ වසා දැමීම දීර්ඝ කළ සිව්වන අවස්ථාව මෙයයි.
හදිසියේ පැනවූ අගුලු දැමීම හේතුවෙන් ඉන්දියාවේ පාසැල්, පොදු ප්‍රවාහන සේවා සහ බොහෝ ව්‍යාපාර වසා දැමූ අතර බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.