topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ගිලින ට්‍රම්ප්

ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම්  නොතකමින් කොවිඩ්-19 ආසාදනය වීම වළක්වා ගැනීමට තමන් ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ගිලදමන බව   ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ යනු අතුරු අබාධ සහිත මැලේරියා නාශක ඖෂධයකි.

එහෙත් තමන් වයිරසය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා දිනකට මැලේරියා නාශක  ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ පෙත්තක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී පැවැසීය. තහංචි ලිහිල් කරමින් ඇමෙරිකාව යළි විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ අවන්හල් හිමිකරුවන් හමුවී සාකච්ඡා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.. එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ද සහභාගී වී තිබුණි.

‘කොරෝනා වෛරසයෙන් බේරෙන්න මම දැන් සති එකහමාරක් තිස්සේ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පෙත්තක් දවසගානේ බොනවා. මම විතරක් නොවෙයි, වෛරසය එක්ක සටන් වදින සෞඛ්‍ය බලධාරීන් වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනකු හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් බොනවා. ඒකේ අතුරු ආබාධ මොකවත් නැහැ. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් බිව්වහම හොඳක් මිසක් නරකක් නැහැ. ඒක වසර 40 ක් තිස්සේ මැලේරියාවටත් ලූපස් රෝගයටත් ලබා දෙන බෙහෙතක්..” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පවසා තිබේ.

කෙසේ වෙතත් ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ නමැති මෙම ඖෂධය අතුරු ආබාධවලින් සහිත ඖෂධයක් බව ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍ය සභාව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. ඔවුන් පවසන්නේ වෛද්‍ය අධීකෂණය යටතේ හෝ මෙය භාවිතයට නොගත යුතු බවයි. ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවා හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිතයට ගැනීමෙන් වළකින්නැයි එරට ජනතාවට උපදෙස් දී ඇත.

එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ තමන් ධවල මන්දිරයේ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇති බවයි. එහිදී  ධවල මන්දිරයේ වෛද්‍යවරයා වන වෛද්‍ය ෂේන් කොන්ලේ ‘ඔබ කැමැති බිව්වාට කමක් නැතැයි..’ කී බව ජනාධිපතිවරයා පවසා ඇත.  එහෙත් වෛද්‍ය ෂේන් කොන්ලේ ෆොක්ස් රූපවාහිනි සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එම ඖෂධය අනුමත නොකළ බවක් පවසා තිබුණි.

කෙසේ වෙතත් ඒ අතරම ධවල මන්දිරය විසින් වෛද්‍ය ෂේන් කොන්ලේ උපදෙස් සහිත ලියවිල්ලක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. ඒ සමඟම ජනාධිපතිවරයා දෛනිකව  ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කරන බවත් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් මරණාසන්න රෝගීන්ට ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ලබා දීම මිට පෙර ප්‍රංශ වෛද්‍ය කණ්ඩායමක් අනුමත කර තිබුණි.

එය සාර්ථක වූ අතර ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ චොවිඩ් 19 සඳහා  සුදුසු බව ප්‍රංශ වෛද්‍ය සභාව විසින් නිර්දේශ කළේය. අනතුරුව ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද  ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඖෂධ තොග ඇණවුම් කළේය. ඒ ඉන්දියාවෙනි.

‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ පිළිබඳව මෙලෙස  වාර්තා වීමත් සමඟ ජනපති ට්‍රම්ප්  විසින් ඒ පිළිබඳව පැවසීම සුලභ කාරණයක් විය. එසේ වුවත් ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානියා මෙන්ම ජනපති ට්‍රම්ප්ගේ කොරෝනා වෛරස  කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ද වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පවා ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඖෂධය මේතාක් අනුමත කර නොමැත. ඊට ප්‍රතිපක්ෂව ඔහු පවසන්නේ  එය අතුරු ආබාධ බහුල අනතුරුදායක ඖෂධයක් බවය.

ප්‍රංශ වෛද්‍ය සභාව දැන් පවසා ඇත්තේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ‘ කොවිඩ්-19 ආසාදිතයන්ට ලබා දීම වහා නැවැත්විය යුතු බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ  ඖෂධය භාවිතයට ගත් බොහෝ දෙනකු මේ වනවිට හෘද රෝගීන් බව තහවුරු වී තිබීමයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ගිල දැමීම පිළිබඳව කළ ප්‍රකාශයත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශ පිළිනොගන්නා ලෙසත් ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඖෂධයක් ලෙස භාවිත නොකරන ලෙසත් ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍යවරු  එරට වැසියන්ට පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.