ලතින් අමෙරිකානු කලාපයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සීග‍්‍ර වැඩිවීමක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබේ. ලතින් අමෙරිකානු කලාපයෙන් නව ආසාදිතයින් 32,854 ක් වාර්තාවද්දී අමෙරිකාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 22,534 ක් පමණි. ගත වූ දින 3 ක කාලය තුළ මෙම තත්ත්වය අඛණ්ඩව වාර්තාවීම කැපීපෙනෙන සිද්ධියකි.