ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මුලින්ම සන්ධානගත වීමට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර ගුණරත්නම් සඳහන් කරයි.
2001 වසරේදී පැවති චන්ද්‍රිකා ආණ්ඩුව අර්බුදයට ලක්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයක් ගොඩ නගා ගැනීමට විමල් විරවංශ විසින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට මුලින්ම යෝජනාවක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. නමුත් එය දේශපාලන මණ්ඩලයේදී පරාජයට පත්වූ බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.