රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී ඩිංගි යාත්රාවක් මාර්ගයෙන් කරච්චි මුහුදු සීමාවේදී රැගෙන එමින් සිටි අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.