නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.