එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සාකච්ඡාව මේ වෙනකොට තීරණාත්මක කඩඉමකට ඇවිල්ලා. මේ බොරු දේශප්‍රේමී කල්ලිය පිළිබඳව හොඳින් තේරුම් ගන්න අවසථාවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ මංගල සමරවීර අමාත්‍යවරයා 2006දී එම්.සී.සී. ගැන සාකච්ඡා කරන්න ඇමරිකාවට යැව්ව බව සඳහන් කර තිබෙනවා. මේ විදිහට මුල පුරලා 2017දී එවකට පැවතිච්ච රනිල්-මෛත්‍රී ආණ්ඩුව වැඩිදුර කටයුතු කරන්න මුල පිරුවා. ඒ සමගම අපි මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා.
ලබාගන්න පුළුවන් වුණු කොටස් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කළා. අපිට හිටියේ මන්ත්‍රීවරු හයයි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පනස් ගණනක් හිටියා. ඔවුන් මොනවාද කළේ? මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන අයට නම් කරලා මම අභියෝග කරනවා එම්.සී.සී, ගිවිසුමට එරෙහිව ජනාධිපතිවරණයට පෙර කතා කළ බව පෙන්වන්න කියලා. ජනාධිපතිවරණයේදී ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට විකුණා දමන බවත් ආණ්ඩුවේ අය පමණක් නෙවෙයි වියත් මගේ උගතුන් පවා දිගින් දිගටම කරුණු දැක්වූවා. ඒ වෙලාවෙත් අපි රාජපක්ෂවරුන්ට අභියෝග කළා එක රාජපක්ෂවරයෙක් මේකට විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කියලා. එක රාජපක්ෂ කෙනෙක්වත් ඊට විරුද්ධ බව කිව්වේ නැහැ. හැබැයි පොදුජන පෙරමුණේ මාධ්‍ය යාන්ත්‍රණය විසින් රට තුළ දැවැන්ත ඝෝෂාවක් ඇතිකළා. මේ ගිවිසුම මගින් රටට වෙන විනාශය ගැන සහරාන්ගේ ප්‍රහාරයට සමානව ප්‍රචාරයක් ගෙන ගියා.
ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක් ගත්තා කීවාට ප්‍රතිශතයක් හැටියට 52%ක් ගත්තේ එම්.සී,සී, ගැන මහා ඝෝෂාවෙන් කියලා මම විශ්වාස කරනවා. මාස හයක් පරණ පාස්කු ප්‍රහාරයට වඩා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්නම හේතුව වුණේ මේ ගිවිසුම. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් වගේම ජාතික ජන බලවේගය වශයෙන් අපි ඒ වෙලාවේ රාජපක්ෂ කෙනෙකුට අභියෝග කළා, මේ ගිවිසුම අත්සන් කරන්නේ නැති බව ප්‍රකාශ කරන ලෙස. ජනාධිපතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කළාට පස්සේ දිවුරුම් දුන් නොවැම්බර් 18වැනිදා සිට සති දෙකක් තුළ නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර, ආචාර්ය අනිල් ජයන්ත වගේම මමත් කොළඹ පදනම් ආයතනයේ සම්මන්ත්‍රණයක් පවත්වමින් ගිවිසුමේ බරපතළ අනතුරුදායක තත්වය පැහැදිලි කර වහාම මෙය අත්සන් කිරීම නතර කරන ලෙස බල කළා. එක්සත් ජාතික කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක් පමණයි මෙතැන තියෙන්නේ. ගිවිසුමක් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තට පස්සේ පමණයි. 2017දී මුදල් වෙන් කරලා මේ ගිවිසුමට අදාළ ආයතන පිහිටුවාගෙන වැඩ කටයුතු කරලා තියෙනවා. ගිවිසුම අත්සන් කිරීමට පෙර ක්‍රියාමාර්ග ඒවා. 2020 පෙබරවාරි 22වැනිදා අනුර දිසානායක මේ තොරතුරු හෙළිකර තිබුණා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක බිමල් රත්නායක.