ඇමරිකානු එම්සීසී ප්රදානය ලබා දෙන ලෙස මුලින්ම ඉල්ලීම් කරනු ලැබුවේ 2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ දී බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර ඇත.
මෙරට පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරියා වන ඩේවිඩ් මැක්ගුවර් විසින් පුවත්පතකට මේ බව සඳහන් කර තිබේ. ඇමරිකානු එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ශ්රී ලංකාව තුළ දිගින් දිගටම දේශපාලනකරණය වීම සහ නිවැරදි නොවන තොරතුරු හුවමාරු වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පවසා ඇත.