නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ආසාදිතයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇතැයිද ඔහු පැවසයි.