topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වන සංරක්ෂණය පිළිබඳ බිමල් ජනපතිට ලියයි.

ගරු ජනාධිපතිතුමනි,

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මෙතෙක් තිබූ වනාන්තර විශාල ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරෙන පරිදි තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබේ.

මෙම තීරණය මගින් සිදුවිය හැකි පරිසර හානිය අති විශාල වන අතර මෙය ලංකාවේ වන වැස්ම විශාල වශයෙන් අඩු කිරීමටත් රටපුරා විවිධ ප්‍රදේශවල ඇති ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සහ ගහකොළ සහ මුලින්ම විනාශ වී යාමටත් හේතු විය හැකි බව ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙම වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම මගින්, එම වනාන්තර විවිධ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා පුද්ගලයන්ට සහ සමාගම්වලට බැහැර කිරීමට ඉඩකඩ විවෘත වේ. එමගින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජල මූලාශ්‍ර සහ සාමාන්‍ය ජීවන පැවැත්ම ම වුවද අනතුරට ලක් වීමට ඉඩ තිබේ.

දශක ගණනාවක් තිස්සේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව තිබූ මෙම බලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද්දේ ද විශාල වශයෙන් දේශපාලනඥයින් බලපෑම් කර මෙම වනාන්තර ඉඩම් තම දේශපාලන හිතවතුන්ට සහ විවිධ පුද්ගලයන්ට ලබාදෙමින් කරන ලද්දා වූ මහා විශාල වන විනාශය හා ඉඩම් මංකොල්ලය නිසාවෙනි.

එමෙන්ම ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමට රජයට අවශ්‍යනම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබෙන ඉඩම් ඒ සඳහා ලබාදිය හැක. මන්දයත් 70 දශකයේ දී ඉඩම් ජනසතු කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව ගොඩනඟන ලද්දේ ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබාදීමේ අරමුණින් බැවිනි. නමුත් පසුගිය දශක ගණනාවක් තිස්සේ සිදුවී ඇත්තේ ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබාදීම සඳහාම වෙන් කළ ඉඩම් සමාගම් සහ ධනවතුන් අතර බෙදා දීමය. රක්ෂිත වනාන්තර සහ අවශේෂ වනාන්තර, ඉඩම් අහිමි ජන කොටස් විසින් යම් යම් අවස්ථාවන්වලදී නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගන්නා තත්ත්වයන් නිර්මාණය වූයේද මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පිහිටුවීමේ මූලික අරමුණට පිටුපා කටයුතු කිරීම නිසාය.

මෙවැනි තීරණයක් ගත යුතුම නම් එය ගත යුත්තේ ද මෙවැනි මැතිවරණ කාල සීමාවක දී නොව ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවක් පිහිටුවීමෙන් පසුවය.

නමුත් දැන් සියලු දෙනාම කොරෝනා වසංගතයට හා මැතිවරණයට යොමුවී ඇති වකවානුවක, පාර්ලිමේන්තුව ද නොමැති වටපිටාවක දී ආණ්ඩුව ගන්නා ලද තීන්දුව මගින් අති විශාල පාරිසරික හානියක් සිදුවීම් වැළැක්විය නොහැක.

මන්ද යත් මෙම චක්‍රලේඛය අහෝසි කිරීම මගින් වනාන්තර සුරක්ෂිත කිරීමට ඇති නීතිය දුර්වල කිරීමක් සිදු වන බැවිනි. එමෙන්ම පසුගිය කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පමණක්ම ආවේණික වූ සතුන් සහ ශාක සැළකියුතු ප්‍රමාණයක් පරිසර විද්‍යාඥයන් සොයා ගෙන ඇත්තේ ද මෙම අවශේෂ කැලෑ ලෙස සලකන වනාන්තර තුළිනි.

එමෙන්ම සමහර ප්‍රදේශවල ජල සැපයුම, පාරිසරික උෂ්ණත්වය, වායුගෝලයේ පිරිසිදු බව සහ අප රටට ආවේණික වූ සමහර සතුන් හා ශාකවලට ඇති එකම පැවැත්ම මෙම අවශේෂ වනාන්තර මත රඳා පවතී.

එම නිසා අප ඔබ තුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ ඉමහත් වන විනාශයකට පාර කපන මෙම චක්‍රලේඛය අහෝසි කිරීම අත්හිටුවන ලෙසය. එමෙන්ම මෙම චක්‍රලේඛය අහෝසි කිරීම මගින් සිදුවන පාරිසරික බලපෑම අධ්‍යනය කිරීම සඳහා පරිසර විශේෂඥයන් ගෙන් සමන්විත කමිටුවක් මගින් නිර්දේශ ලබා ගැනීමෙන් පසුව කටයුතු කරන ලෙසය.

විශේෂයෙන්ම මෙම වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම හදිසි ජාතික අවශ්‍යතාවයක් නොවන බැවිනුත්, එමඟින් අති විශාල පාරිසරික හානියක් විය හැකි බව පැහැදිලි බැවිනුත්, එමෙන්ම යම් යම් කාලවලදී සිදුවූවාක් මෙන් සමහර අපේක්ෂකයන් මෙම වන  ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ද  පැහැදිලිව ඉඩකඩ ඇති බැවිනුත් මෙය වහාම වළක්වන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

විශ්වාසී,

බිමල් රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ජාතික සංවිධායක – ජනතා විමුක්ති පෙරමුණ

2020-07-03

Leave A Reply

Your email address will not be published.