දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන්ගේ රුව යොදා පඹයින් සාදා ගිනිතබමින් යාපනයේ තරුණයින් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
අදාල මන්ත්‍රී වරුන් විසින් යුද සමයේදී උතුරේ තරුණ තරුණියන් පිළිබඳ වැරදි ආකල්පයන් දරමින් ප්‍රකාශයන් සමාජ මාධ්‍යට පැවසීම හෙලා දකිමින් එම ප්රකාශයන්ට විරෝධය පා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් මෙසේ හිටපු මන්ත්‍රී වරුන්ගේ රුවට ගිනි තැබීම සිදු කරන ලදි.