2020-07-08
පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
ගරු පොලිස්පතිතුමනි,
මා නොදැනුවත්ව මාගේ ජංගම දුරකථනයෙන් SMS පණිවුඩයක් නිකුත් වීම
2020-07-06 දින රාත්‍රී 9.09ට පමණ මා මගේ කාමරයට ඇතුලුවූ විට මාගේ ඇඳ මත ඇති විශේෂ සිසිල් කිරීමේ උපකරණයක් මත බැටරිය චාර්ජ් කරමින් තිබූ Samsung J5 වර්ගයේ මාගේ ජංගම දුරකථනයේ තිරය දැල්වී තිබුණු බවට නිරීක්ෂණය වූ අතර, එහි SMS පණිවුඩයකට රු. 0.24 ක මුදල් අයවීමක් පිළිබඳ දැනුම්දීමක් දිස්ව තිබුණි. නමුත් එම දැන්වීම හාස්‍යජනක ලෙස දිස්ව තිබුණේ දුරකථනයේ අඟුලු වැටී තිබේනා තිරය (lockscreen) එක පසුපසින් තිබියදී ය (සාක්ෂි – ඇමුණුම් 1).
අදාළ දුරකථනයේ සිම්පත් දෙකක් තිබෙන අතර, එහි සිම්පත් අංක 1 ට ඇති Dialog සිම්පත පසුගෙවුම් සම්බන්ධතාවක් වන අතර, එය විසන්ධි වී තිබේ. එහි අංක 2 ට ඇති සිම්පත මොබිටෙල් පෙර ගෙවුම් සම්බන්ධතාවක් වන අතර, එහි අංකය 0719125979 වේ. උක්ත සඳහන් SMS පණිවුඩ අයවීම සිදුව ඇත්තේ 0719125979 යන අංකයෙන් ය.
මා ඒ අයවීම සම්බන්ධයෙන් 2020-07-06 දින ප.ව. 9.14ට පමණ 0719125979 හරහා 0712755777 යන දුරකථන අංකය වෙත ඇමතුමක් ලබා ගෙන ඒ ඔස්සේ මොබිටෙල් සමාගමේ පාරිභෝගික සේවා අංශයෙන් විමසීමක් කල විට එම නිළධාරියා මා වෙත කියා සිටියෙ මා විසින් දුරකථන අංකයකට 2020-07-06 දින ප.ව. 7.14 පමණ කෙටි පණිවුඩයක් යවා ඇති බවයි. මා ඒ පිළිබඳබ තොරතුරු විමසා සිටි අතර, එහිදී එම නිලධාරියා SMS පණිවුඩය යවා ඇති අංකයේ අවසාන අංක තුනක් කිවේය. එම අංක තුන මා හට පුරුදු අවසාන අංක තුනක් නොවේ. එම අංක තුනද මා හට අමතක වී ඇත. එම නිළධාරීයා තව දුරටත් තහවුරු කර සිටියේ එම SMS පණිවුඩය සේවාවක් වෙත යැවූ පණිවුඩයක් නොවන බවයි. මා එවැනි පණිවුඩයක් නොයැවූ බවට දිගින් දිගටම මොබිටෙල් පාරිභෝගික අංශය නිලධාරීයා වෙත ප්‍රකාශ කර සිටි අතර, එසේ වුවද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කලේ ය.
ඉන්පසු මා එම දුරකථනයේ ඇමතුම් ලගුව පරික්ෂා කිරීමේ දී පෙනීගියේ 717 යන දුරකථන අංකයකින් හරියටම SMS පණිවුඩය ගිය 2020-07-06 වනදා ප.ව. 7.14 ට පමණ අතපසු වූ ඇමතුමක් (missed call එකක්) ලැබී ඇති බවයි (සාක්ෂි – ඇමුණුම් 2).
අගුල් වැටී තිබෙන දුරකථනය මාගේ අනුදැනුමකින් තොරව SMS පණිවුඩයක් යැව්වේ කෙසේද යන්න විශාල ගැටලුවක් වේ. මීට පෙර අවස්ථාවක දී කවුරුන්හෝ පාර්ශවයක් විසින් මාගෙ දුරකථන අංක පෙන්නුම් කරමින් පොලිස් නිළධාරීයෙකුට මරණ තර්ජනය කර ඇත. එම අවස්ථාවේ දී එම නිලධාරීයාට මාගේ අංකයෙන් ඇමතුමක් ලැබී තිබුණ ද, මාගේ දුරකථන අංකයෙන් අමතුමක් ගොස් තිබුණේ නැත. කෙසේ නමුත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් මට එරෙහිව අපරාධ නඩුවක් විභාග වෙමින් පවතී.
උපතින් ශාරීරික අබාධිත තත්ත්වයකට ලක්ව සිටිය ද, සෞඛ්‍යමය ගැටලු මැද, කිසිවෙකුගේ න්යායපත්රයකට කටයුතු නොකරමින් කතෝලිකයෙකු ලෙස මා විශ්වාස කරනා දෙවියන් ඉදිරියේ හරිදේ කිරීමට ඇපකැපව සිවිල් අයිතිවාසිකම් හා මානවහිමිකම් වෙනුවෙන්, දූෂණයට අසාධාරණයට එරෙහිව 2006 වසරේ සිට රජයන් හා ඒවායේ ප්‍රතිපත්ති එක්ක පෑන යොදාගෙන ගැටෙමින් සටන් කරනා මා කුමන්ත්රණකාරී ලෙස නිහඬ කරන්නට විශාල පිරිසක් කලක සිට උත්සාහ කරමින් සිටි. මෑතකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට ඍජුව සම්බන්ධ පුද්ගලයෙක් මට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් විදිමත් පැමිණිල්ලක් කිරීමට කාලය ගෙන ඉවසීමෙන් කටයුතු කරන්නේ එම පැමිණිල්ලට ගැඹුරු ලෙස සාක්ෂි රැස් කිරීමට අවශ්‍ය නිසා ය.
මෙවැනි පසුබිමක, ඇතිවූ මේ හාස්‍යජනක සිද්ධිය සුලු කොට තැකිය නොහැක. ඒ කෙරෙහි ඔබේ දැඩි අවධානය යොමු කර, මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මා ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී