පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ කථා කළ ප්රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුමයි. තමන් බලයට ඇවිත් පැය 24කින් මේ ගිවිසුම කුණු බක්කියට දානවා කියලා රාජපක්ෂවරු හා ඔවුන්ගේ මැති ඇමතිවරු කිව්වා.
මේක කැබිනට් එකේ අනුමත කළේ 2019 ඔක්තෝබර් 30වැනිදා. ඉන් පසු ජනතා විරෝධය ඊට එරෙහිව එන විට රජපක්ෂ ආණ්ඩුව තීරණය කර මෙම ගිවිසුම පරීක්ෂා කර බලන්න කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව ප්රමාදවී වුවද එළිදක්වන්න සිද්ධ වුණා. අපි ආණ්ඩුවට බල කළා ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ජූලි 25වැනිදා එම වාර්තාව එළිදැක්වූවා. ඉන් පසු ජූලි 01වැනදා කැබිනට් මණ්ඩලයට එය ලබාදීලා කිව්වා සති දෙකකින් තම තමන්ගේ සමාලෝචන ඉදිරිපත් කරන්න කියලා. ඉන් පසු එම සමාලෝචන කාලය 22වැනිදා දක්වා දීර්ඝ කළා. මෙසේ කල් මරන්නේ වෙන කිසිවකටත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ ගිවිසුම අත්සන් කරන්න වාතාවරණය හදාගන්න. වගකිව යුතු රජයක් නම් රජය මේ පිළිබඳව වහාම නිල ප්රකාශයක් නිකුත් කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් කණ්ඩායම් නායක විජිත හේරත්.