වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග හෙට (23) දිනයේ තීරණය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසයි.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවයි. හෙට දිනයේ සංගමයේ විධායක සභාව රැස්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව සංගමය සඳහන් කරයි.