මේ වනවිට මේ ආණ්ඩුව මාස අටයි. ආණ්ඩුවේ ප්‍රබලයන් ජනතා ප්‍රශ්න ගැන තිබෙන අසංවේදීකම හොඳින්ම ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ජනතා ප්‍රශ්න හෑල්ලුවට ලක් කරනවා. කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානය වැනසීමේ සිද්ධයෙන් පස්සේ අද රටේ අගමැතිවරයා සහ ප්‍රබල ඇමතිවරු ඉතිහාසයත් හෑල්ලු කරමින් ඉන්නවා. පුරාවිද්‍යා ස්ථාන ගණිකා මඩම් විදිහට හඳුන්වන්නත් උත්සාහ ගන්නවා. රටේ ජනාධිපතිවරයාත් දැන් උත්සාහ ගන්නවා පුරාවිද්‍යා පනත සංශෝධනය කරන්න. මේ හදන්නේ තමන්ගේ හෙංචයියන්ව බේරගන්න. ජනාධිපතිට බලයක් නැහැ මෙවැනි පනත් සංශෝධනය කිරීමට. එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. දැන් මේ හදන්නේ පොලිසියේත් අධිකරණයේත් ගෙල විධායක සපත්තුවෙන් සිර කිරීමටයි.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික බිමල් රත්නායක.