කොරෝනා වසංගතය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට ශ්රී ලාංකිකයින් පිරිසක් රැකියා අහිමි සිටින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (27) දිනයේ ජෝර්දානයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කර්මාන්තපුරය පිහිටි ප්රදේශයට ගොස් තිබේ.
එහිදී ශ්රී ලාංකිකයින් පිරිස නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.