මැදපෙරදිග සේවය කරන ලාංකිකයන් තමන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉදිරිපත් කළ ලිඛිත පැමිණිලි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් ජූලි 28 විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට බාර දීම සිදුකරනු ලැබීය. ඒ අතරම ජෝර්දානයේ කම්හලක සේවය කළ, රැකියා අහිමි කරන ලද ලාංකික ශ්‍රමිකයන් පිරිසකට ඒරට ලංකාවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම මත එරට පොලිසිය විසින් ඒල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන්දයෙන්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබුණි.