ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීයාගේ බිරිඳට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග අංශය පවසයි