ධවල මන්දිරය අසල දී සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම මාධ්‍ය හමුව පැවති කාමරයෙන් තාවකාලිකව ඉවත් කර ගැනීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ. එම සිදුවීම අතර තුර මාධ්‍යවේදීන්ට ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් පිටවීමට අවස්ථාවක් දී නැත.
ඉන් පසු ජනාධිපතිවරයා නැවතත් මාධ්‍ය හමුවට එක්වෙමින් වෙඩි තැබීමේ සිද්ධිය තහවුරු කර ඇත.