හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට එරෙහිව ‘දුටුතැන අල්ලනු’ යැයි දැක්වෙන ඉන්ටර්පෝල් වරෙන්තුවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය රහස් හෙළි කිරීම, විදේශ තානාපති කාර්යාලයන් සමග සබඳකම් පැවැත්වීම, සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම, රජයට හොරෙන් රටින් පැන යෑම යන චෝදනා ඔහුට එල්ලවී තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ බවට ජෙයනි ත්‍යාගරාජා නමැති ප්‍රංශ ද්‍රවිඩ තරුණියට ප්‍රකාශ කිරීම ගැනද ඔහුට චෝදනා එල්ලවී ඇත.