ආණ්ඩුවේ මැදිහත් වීමෙන් යුධ හමුදාව සිංහරාජය විනාශකරමින් ලංකාගම සිට දෙනියාය දක්වා මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
2013 වර්ෂයේ මෙම මාර්ගය ඉදිකිරීමට ආරම්භ කිරීමට සැලසුම්කර තිබුනද එවකට පරිසර සංවිධාන හා ලෝක උරුම රැකීමේ යුනිස්කෝ සංවිධානයේ මැදිහත් වීම මත මෙය නවතා ගැනීමට හැකි වූ බවත් 2020.07.30 දින සිට නැවතත් එම මාර්ගය ඉදිකිරීමේ කටයුතු කරගෙන යන බවත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
ලංකාවේ පරිසර නීතිය මෙන්ම යුනිස්කෝ ලෝක උරුම එකගතාවයන්ද කඩකරමින් යුධහමුදාව ලවා ලෝක උරුමක් වූ මෙම සිංහරාජ වනාන්තරය වත්මන් ආණ්ඩුව විසින් විනාශ කරමින් සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.