ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්රිත නෙළුව – ලංකාගම මාර්ගය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි.