ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිලය, නායකත්වය වශයෙන් සලකනු ලබන්නේ ප්‍රධාන ලේකම්වරයාය. පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වූ ඩිව් ගුණසේකර සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් නව ප්‍රධාන ලේකම් තනතුරට වෛද්‍ය ජී. වීරසිංහගේ නම යෝජනා කළේය.
ඒ අනුව, ඒකමතිකව වෛද්‍ය ජී. වීරසිංහ පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පත්කර ගෙන ඇත.