පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය ඩෝසර කිරීමට අනුබල දුන්නේයැයි චෝදනා එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි ද වාර්තා වේ.අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයා විසින් පොලීසියට පවසා ඇත්තේ මෙම සිද්ධියට අනුබල ආධාර දුන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා බවයි.