2019 වර්ෂයේ බදවාගත් අභ්‍යාසලාබී උපාධිධාරීන් 14550 ක් වසරක පුහුණුව අවසන් කර ඇති බැවින් ඔවුන් සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා හෙට (02) දිනයේ කොළබදී විරෝධතාවයක් සංවිධානය කිරීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය තීරණය කර ඇත.
වසරක පුහුණුව අවසන් කර ඇති මෙම සංවර්ධන නිලධාරීන්ගේ රුපියල් 20000 දීමනාව මෙම වර්ෂයේ දෙසැම්බර් දක්වා ගෙවන ලෙස රජය දන්වා තිබීම තුලින් නියමිත දිනට සේවයේ ස්ථිර කිරීම සිදු නොවන බව ඉතා පැහැදිලි බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ පවසයි.
තවද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් හමුවීමටද තීරණය කර ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි.