දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද (02) දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දන්වා තිබේ.