කටුගස්තොට ප්රාදේශීය රෝහලට අයත් ඉඩම හරහා මාර්ගයක් කැපීමට විරෝධය දක්වමින් කටුගස්තොට රෝහලේ කාර්ය මණ්ඩලය සහ ප්රදේශවාසීහු අද (03) විරෝධතාවයක නිරත වී තිබේ. පසුව කටුගස්තොට පොලිසියේ උසස් නිලධාරින් පැමිණ මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බව ප්රකාශ කිරීමත් සමඟ විරෝධතාවය අවසන් කර ඇති බව වාර්තා වේ.